වාසනාව සොයා බඩගින්නේ තැබූ දැරිවිය මරුට

October 11, 2016 | 11:14 am    0   8003

වාසනාව සොයා බඩගින්නේ තැබූ දැරිවිය මරුට

එෆ් ෂර්මිලා

හැමෝම හිතන්නේ අදහස් විතරක් නෙවෙයි චාරිත‍්‍ර වාරිත‍්‍රත් ජීවිතයට අත්‍යවශ්‍යයි කියලා. නමුත් සමහර අවස්ථාවලදී ආගමික ඇදහිලි, විශ්වාස, වතාවත් වල තේරුමක් නැහැයි කියලා පෙනී ගිය අවස්ථාවක් අපට පසුගිය දිනක ඉන්දියාවෙන් වාර්තා වුනා.

ජෛන ආගමික චාරිත‍්‍රයක් විදිහට නිරාහාරව ඉන්න සිය පවුලේ අය විසින් බල කිරීමෙන් අනතුරුව ඉන්දියානු දැරියක් අවසනාවන්ත විදිහට සිය ජීවිතයෙන් සමුගෙන තියෙනවා. මේ මරණය හේතුවෙන් දැරියගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් මේ වන විටත් විභාගයක් ආරම්භ කර ඇති බවයි දකුණු ඉන්දියානු පොලීසියෙන් වරේතා වෙන්නේ.

ඉන්දියාවේ හයිද්‍රබාද් ප‍්‍රාන්තයේ ජීවත්වුනු ආරාධනා දැරිවිය 13 හැවිරිදි පාසල් සිසුවියක්. දැරිය අයත් වෙන්නේ ජෛන ආගමික පවුලකටයි. වාසනාව උදාකර ගැනීම අරමුණු කරගෙන ජෛන ආගමික බැතිමතුන් ඔවුන්ගේ ආගමික චාරිත‍්‍රයක් වශයෙන් සෑම වසරකම යම් කාළයක් උපවාසයේ යෙදෙනවා. සිය පවුලේ අය විසින් උපවාසය හේතුකරගනිමින් මෙම දැරිවිය මාස 3 කට අධික කාළයක් නිරාහාරව තබා තිබෙනවා. එම කාළය ඇතුලත දැරිවියට ලබා දී තිබෙන්නේ පානීය ජලය පමණයි. මාස 3 කට අධික උපවාස කාළයෙන් පස්සේ හදිසියේම ආරාධනා දැරිවිය ඇද වැටී ඇති අතර පසුව හදිසි හෘදයාබාධයකින් සිය අවසන් හුස්ම පොද හෙලා ඇති බවයි වාර්තා වෙන්නේ.

ආරාධනා දැරියගේ මරණය හේතුනේ මේ වන විටත් ඉන්දියානු පොලීසිය විභාග කටයුතු ආරම්භ කර තිබෙනවා. ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධාන දැරියගේ මරණය සම්බන්ධයෙන් දැරිවියගේ පවුලට චෝදනා කර ඇත අතර ඔවුන් පවසන්නේ දැරිය බලහත්කාරයෙන් උපවාසයට යොදවා තිබෙන බවයි. නමුත් පවුලේ සාමාජිකයන් දිගින් දිගටම මෙම චෝදනාව ප‍්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සියලූම රටවල්වල එක`ගත්වයෙන් ගැහැණු ළමයින්ගේ ජාත්‍යන්තර :ෂබඑැරබ්එසදබ්ක ෘ්හ දෙ එයැ ඨසරක ක්‍යසකා* දිනය අද :11* දින වශයෙන් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ලෝකය පුරා රටවල ගැහැණු ළමයින්ගේ දිනය මේ විදිහට සමරද්දි ජාත්‍යන්තරයෙන් වාර්තා වෙන්නේ ගැහැණු ළමයින් බහුතරයක් ඛේදනීය ඉරණමකට මුහුණ දී ඇති බවයි.

ලොව මිලියන 250 ක් වූ ගැහැණු ළමයින් දිළි`දු ජීවිතයක් ගත කරන බවත්, සෑම වසරකදීම අප‍්‍රිකානු මහාද්වීපයේ පමණක් ගැහැණු ළමුන් මිලියන 3 ක් ලිංග චේදනයට පත්වීමේ අවදානමක් පත්වන බවත් ලෝකයේ ජීවත් වන ගැහැණු ළමයින් මිලියන 62 කට පාසල් අධ්‍යාපනය අහිමි වී තිබෙන බවත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: