වැටලීමකට ගිය සුරාබදු නිලධාරින්ට වට කරගෙන පහර දීලා

April 11, 2017 | 8:30 am    0   131

වැටලීමකට ගිය සුරාබදු නිලධාරින්ට වට කරගෙන පහර දීලා

මහියංගණ කෙසෙල්පොත කොළේයාය ගම්මානයේ මත්පැන් වැටලීමකට පැමිණි බදුල්ල සුරාබදු ඒකකයේ නිලධාරින් පිරිසකට ඊයේ (10) අලුයම 5.30ට පමණ වැටලීම සිදු කළ ස්ථානයේ තරුණයන් වට කර පහර දී රාජකාරියට බාධා කිරිම හේතුවෙන් සුරාබදු ඒකකයේ නිලධාරින් දෙදෙනෙකු ප්‍රතිකාර සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව මහියංගණ පොලිසිය පවසයි.

“ජනාධිපති කාර්ය සාදන බලකායේ හා ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගෙන් ලද පැමිණිලි අනුව මහියංගණ අවට ගම්මානවල ඉහළ ගොස් ඇති නිති විරෝධී මත්පැන් වැටලීම සඳහා බදුල්ල සුරාබදු ඒකකයේ නිලධාරින් 08 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් මහියංගණ කෙසෙල් පොත කොලේයාය ගම්මානයේ ඊයේ (10) පාන්දර 5.30ට පමණ නිවසක් පරික්ෂා කිරිමට ගොස් ඇත.

එහිදී පුද්ගලයෙකු අත තිබී ගංජා අත්අඩංගුවට ගත් බවත් කසිප්පු සොයා සෝදිසි කිරිමට සැරසෙද්දී පසු එම ස්ථානයේ සිටි තරුණයන් පිරිසක් කලහකාරි ලෙස හැසිරෙමින් නිලධාරින් හට පොලු මුගුරුවලින් පහර දුන් බවත් සුරබදු නියාමක මංජුල අමරසිංහ (52) හා සුරාබදු පරික්ෂක ඩබ්ලිව්. අයි. වීරසිංහ (53) පවසති.

මහියංගණ පොලිසිය මගින් සිද්ධියට සම්බන්ධ් එක් සැකකාර පුද්ගලයෙකුද සුරාබදු නිලධාරින් විසින් සිද්ධියට අදාල සැකකාර පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහු මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

ඌව පළාත් සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වාගේ හා සුරාබදු අධිකාරි විජිත ගමනායක ගේ මැදිහත් වීමෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක අතර

“රාජ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා සිදු කිරිම සම්බන්දයෙන් ඉදිරියේදී අපි පහරදීම් සිදු කළ පුද්ගලයන් හට අධිකරණ ක්‍රියාමාර්ග ගැනිම සදහා කටයුතු කරනවා” යැයි ඌව පළාත් සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා ප්‍රකාශ කර සිටියේය.

සුරාබදු නිළධාරින් පහර දුන්නේ යැයි පවසමින් වැටලීම සිදු කළ නිවසේ පුද්ගලයෙකුද ප්‍රතිකාර ලබා ගැනීම සදහා මහියංගණ මුලික රෝහල වෙත ඇතුළත්ව ඇත. මහියංගණ සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ ගේ උපදෙස් මත මහියංගණ පොලිස් ස්ථානාධිපති තිස්ස කුමාර, අපරාධ අංශයේ ස්ථානාධිපති එම්. බී. ජි. ජි. සුදේශ් චතුරංගගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: