වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ විය. සෞඛ්‍ය ප්‍රවහන සේවා බිඳවැටෙන්න නොදී පවත්වාගෙන යාමට පියවර

May 5, 2017 | 8:58 am    0   232

වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ විය. සෞඛ්‍ය ප්‍රවහන සේවා බිඳවැටෙන්න නොදී පවත්වාගෙන යාමට පියවර

සයිටම් ආයතනය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 3 ක් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මූලිකත්වය ගෙන කැඳවා ඇති වැඩවර්ජනය අද උදෑසන 8 ට ආරම්භ කෙරිණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ අංශ කිහිපයක සේවා මේ නිසා අඩාල වී ඇති අතර රටපුරා රෝහල්වල වෛද්‍යවරුන් සහ සෙසු සෞඛ්‍ය සේවකයන්ද අද වැඩවර්ජනය කළත් අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර සේවා නතර නොකළ බවය.

සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණහොත් ඕනෑම අවස්ථාවකදී වැඩවර්ජනය නතර කිරිමට සූදානම් බවද එම සංගමය සඳහන් කරයි.

ගෙන්ද විමසීමක් කළා.

වැඩවර්ජනය හේතුවෙන් ඖෂධ නිකුත් කිරිම වැනි අතුරු සේවා සම්බන්ධයෙන් බිද වැටීමක් සිදුවුවහොත් එම කටයුතු ඔසුසල් මගින් හෝ වෙනත් විකල්ප ක්‍රම මගින් සිදු කිරිමට අපේක‍ෂා කරන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක‍ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියාසිටියේය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි දෙකක නිලධාරීන් මෙම වැඩවර්ජනයට එක් වන බැවින් අද උදෑසන අටෙන් පසු දුම්රිය බොහොමයක් අවලංගු විය හැකි බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් දුම්රිය රියදුරු සංගමය ප්‍රකාශකර ඇත.

මේ අතර දුම්රිය ධාවනයේ කිසියම් අඩාලවීමක් සිදුවුවත් මගීන්ට අපහසුවක් ඇති නොවන පරිදි බස් රථ යොදවා මගී ප්‍රවහන සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: