වැලේ වල් නැතිව සිටි සිම්බාබ්වේ ලංකාවට උන් හිටි තැනුත් නැති කරයි

July 10, 2017 | 6:34 pm    0   126

වැලේ වල් නැතිව සිටි සිම්බාබ්වේ ලංකාවට උන් හිටි තැනුත් නැති කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව අද (10)  පැවති අවසන් එක්දින තරගය කඩුලු 3 කින් ජයගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය. තරගය සුරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මේ සමඟම තරග 5 කින් සමන්විත තරගාවලිය 3-2 ක් ලෙස ජයගැනීමට ද සිම්බාබ්වේ සමත්විය. 

ක්‍රිකට් ඉතිහාසය තුල සිම්බාබ්වේ කණ්ඩායමක් ශ්‍රී ලංකාව තුලදී තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් මෙය වාර්තා පොත් වල සටහන් වනු ඇත.

කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායකයාගේ ඇරයුමින් ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙන ලදී. එහිදි නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් බිඳවැටී ශ්‍රී ලංකාවට ලබාගතහැකි වුයේ ලකුණු 203 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන්කාමි ඉනිමක් දියත් කල අසේල ගුණරත්න ලකුණු 59 ක් රැස්කල අතර, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ලකුණු 52 කින් සිය දායකත්වය ලබාදීමට සමත්විය. සෙසු පිතිකරුවන්ට සාර්ථකවීමට සිම්බාබ්වේ ක්‍රීඩකයන් කිසිදු අවස්තාවක් ලබාදුන්නේ නැත.

පිළිතුරු ඉනිම ආරම්භ කල සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 38.1 පන්දුවක් තුලදී ජයග්‍රාහී කඩයිම පසු කිරීමට සමත්විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුයේ ලකුණු 73 ක් ලබාගත් හැමිල්ටන් මසකඩ්සාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවූ අකිල ධනංජය ලකුණු 41 කට කඩුලු 4ක් බිඳදමින් තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට යොමුකිරීමට ප්‍රභල උත්සාහයක නිරත විය.

සිම්බාබ්වේ කණ්ඩායමේ සිකන්ඩර් රාසාතරගයේ විරය සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හැමිල්ටන් මසකඩ්සා තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: