වික්ටර් රත්නායකට යළි පිය පදවි?

ප්‍රසිද්ධ කලාකරුවකු වන ලෙලුම් රත්නායක පසුගිය මාර්තු පළමුවැනිදා සිය ‘ෆේස්බුක්’ ගිණුම මගින් සිය පියා මිය ගිය වග කීවත් මේ වෙද්දි ඔහු යළි පියෙකු වීමේ සූදානමකුත් ඇති බව තමයි දැනගන්නට තිබෙන්නෙ.

වික්ටර්ගේ අතිනත ගත් තැනැත්තිය හශිණි රත්නායක පවසන්නේ තමන් මේ වන විට මවක වීමට කැමැත්තෙන් සිටින බවත් වික්ටර්ගේ නම ගෙන යා හැකි දුවක හෝ පුතකු වුවත් ඕනෑම කෙනකු භාර ගන්නට තමන් සූදානම් බවත් ය.

පසුගිය වකවානුවේ වික්ටර්ගේ ‘වජ්‍ර ප්‍රභා’ හේතුවෙන් බොහෝ වෙහෙස මහන්සි වුණ මේ දෙන්න නුදුරේම බැංකොක් යාමට සූදානම් වෙන බව තමයි දැන ගන්න තියෙන්නෙ.

හෂිණි ගාල්ල ප්‍රදේශයෙ තරුණියක්. වික්ටර් හා විවාහ වීමට මුලින් ඇගේ දෙමව්පියන් අකමැති වුවත් මේ වෙද්දි ඒ සියලු ගැටලු නිරාකරණය වී පවුලේ ආශිර්වාදය තමන්ගේ කැදැල්ලට හිමි වී ඇති බවත් ඇය පවසන්නීය.

වසර හයක ප්‍රේම සම්බන්ධයකින් අනතුරුව වික්ටර් – හෂිණි විවාහ වූයේ නිහඬව වුවත් වික්ටර්ගේ පුත් ලෙලුම් එය ප්‍රසිද්ධ කිරීමත් සමග රටේ සෑම අහුමුල්ලකම කැළඹීමක් ඇති කෙරිණි.

කෙසේ නමුත්, වික්ටර් මේ වන විට ඒ සියලු ගැටලුවලට පිලිතුරු දී අවසන් ය. හෂිණි අමේන්ද්‍රා සිය බිරිඳ වීමේ කතාන්දරය ඔහු පැහැදිලිව රට හමුවේ තබා ඇත.

වික්ටර් මිය ගියා නොව තවමත් ජීවත් වන බව රටම දැන් දන්නේ ය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + ten =