විග්නේෂ්වරන්ගේ පුතා එක්ක ජාතිවාදයට විරුද්ධව ඉරාජ් කරපු වැඩේ

October 6, 2016 | 8:31 am    0   1033

විග්නේෂ්වරන්ගේ පුතා එක්ක ජාතිවාදයට විරුද්ධව ඉරාජ් කරපු වැඩේ

රිද්මි පතිරණ

‘ගිනියම් රෑ’ මියුසික් වීඩියෝ එකත් එක්ක මේ දවස්වල ගොඩක් අයගේ මාතෘකාව වෙලා ඉන්න ඉරාජ් පසුගිය දවසක තමන්ගේ ෆේස්බුක් ගිණුම හරහා අමුතු හෙළිදරව්වක් කරන්න පෙළඹුණා. ඒ ගොඩක් දෙනෙක් ජාතිවාදියෙක් කියලා හංවඩු ගහන උතුරු පළාත් මහ ඇමති විග්නේෂ්වරන්ගේ පුත්‍රයා වන යෞවනන් විග්නේෂ්වරන් සම්බන්ධ කරගෙන කරපු ගීතයක් සම්බන්ධයෙන්.

ඒ කාලෙකට කලින් ජනප්‍රියත්වයට පත්වුණ ඉරාජ්ගේ පළමු මියුසික් වීඩියෝව ‘J Town Story’. මීට අවුරුදු 13කට කලින් මේ වීඩියෝ එක හදන්න සිංහල, දෙමළ, මුස්ලීම් ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙක් එකතු වෙලා මේ නිර්මාණය කළේ රටේ භයානක යුද්ධය තියන කාලේ සාමය වෙනුවෙන් කියලයි ඉරාජ් නම් කියන්නේ.

ඒ නිසාද කොහෙද, ජාතිවාදය අපිට ගෑවිලාවත් තිබුණේ නෑ. අපිට අදත් ඕනේ සාමයෙන් ඉන්න, මේ Music Video එකේ තියනවා වගේ කියලා දාන්නත් ඉරාජ් අමතක කරලා තිබුණේ නෑ. ඊට බොහොම කාලෙකට පස්සේ ඒ කියන්නේ මීට ටික කාලෙකට ඉස්සෙල්ලත් මේ ජාති, ආගම්, භේදය තේමාව කරගත්ත ගීතයක් ඉරාජ් නිර්මාණය කළා. ඒකේ නම ‘මනුසතා’. මතකනේ, ඒ ගීත රූප රචනාවටත් එක එක විරෝධතා ආපු හැටි. කොහොම වුණත් ටික කාලයක් සමාජය ඇතුළේ කතා බහට ලක්වෙන ගීත නිර්මාණය කරන්න ඉරාජ් ගොඩක් වෙලාවට පෙළඹෙනවා.

ඉරාජ් නම් කියන්නේ ජාතිවාදය අතෑරලා සාමයෙන් ඉන්න ඕන කියන පණිවිඩය දෙන්න මේ නිර්මාණ කරනවා කියලා.

හැබැයි අවුරුදු 13කට පස්සේ ඉරාජ්ට මේ ‘ J Town Story’ ගීතය හදිසියේම ආපහු මතක් වෙලා ෆේස්බුක් post දාන්න හිතුනේ ඇයි කියලා අපිනම් දන්නේ නෑ.

සමහර විට ඒ අර පහුගිය දවසක හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ‘විග්නේෂ්වරන් කියන්නේ ජාතිවාදියෙක් නෙමෙයි’ කියලා කියපු කතාව ඇහිලා එයාගේ පුතා යෞවනත් විග්නේෂ්වරන්ව මතක් වෙලා දාපු post එකක් වෙන්නත් බැරිකමක් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: