විජේදාස රාජපක්ෂගේ ඇමතිධුර අහෝසි කරන්නැයි එජාපය ජනපතිට කියයි

August 22, 2017 | 2:06 pm    0   691

විජේදාස රාජපක්ෂගේ ඇමතිධුර අහෝසි කරන්නැයි එජාපය ජනපතිට කියයි

ඇමති විජේදාස රාජපක්ෂ මහතා දරන සියලුම ඇමතිධුර වලින් ඔහුව ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම්දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් ඇමති කබීර් හෂීම් මහතාගේ අත්සනින් යුතු මාධ්‍ය නිවෙදනයක සඳහන් වේ.

කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණයකට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහා විසින් මෙම තීරණය ගෙන ඇත.

එම නිවේදනයේ සඳහන් ආකාරයට රාජපක්ෂ මහතාට කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම් උල්ලංඝනය කිරීමේ චෝදනාව එල්ලවී ඇති අතර, එය නිවැරදි කිරීමට ලබාදී තිබූ කාලය ඊයේ (21) දිනෙන් අවසන් වුවද ඔහු විසින් එකඟ වූ පරිදි එම නිවැරදි කිරීම සිදුකර නොතිබුණි.

ඔහු විසින් පසුගිය සති අන්තයේදීද පක්ෂයේ ඇමතිවරුන් සහ පක්ෂයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කැබිනට් වගකීම් කඩවන අයුරින් කටයුතු කර ඇති බවද එහි තවදුරටත් සඳහන් වේ.

ඒ අනුව පක්ෂ නායකත රාජපක්ෂ මහතා දරන සියලු ඇමතිධුර වලින් ඔහුව ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත දැනුම්දුන් බවද එහි සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: