විද්‍යා ඝාතනයේ හතකට මරණ දඬුවම්

September 27, 2017 | 1:23 pm    0   658

විද්‍යා ඝාතනයේ හතකට මරණ දඬුවම්

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් වූ අවසන් නඩු තීන්දුව මිට සුළු මොහොතකට පෙර යාපනය මහේස්ත්‍රාත් විනිසුරු ඉලන්චේලියන් මහතා විසින් ලබා දුන්නේය.

එහිදී වැරදිකරුවන් 7 දෙනෙකුට මරණ දණ්ඩනය දීමට විනිසුරුවරයා නියෝග කල අතර තීන්දුව ලබා දීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක්  සිදු කරමින් මෙම තීන්දුව තමා ලබා දුන්නද  එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇති පාර්ශව එම නියෝගය ක්‍රියාත්මක කිරීම අත්‍යවශය බව ප්‍රකාශ කළේය.

මෙලෙස මරණ දඬුවම නියමවූ ප්‍රධාන සැකකරු සුවිස් කුමාර් ඇතුළු වැරදිකරුවන් 7 දෙනාට එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් මිලියන 7ක වන්දියක් මරණයට පත්වූ විද්‍යා දැරියගේ මවට වන්දි වශයෙන් ගෙවීමටද මෙහිදී නියම කරන ලදී.

තවද මෙම නඩුවේ සැකරුවන් 9 දෙනාගෙන් ඉතිරි දෙදෙනා නිදොස් කොට නිදහස් කිරිමටද අධිකරණය තීන්දු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: