විද්‍යා ඝාතන සැකකරුවෙක් කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට ලියුමක් ලියලා

March 23, 2017 | 2:05 pm    0   457

විද්‍යා ඝාතන සැකකරුවෙක් කයිට්ස් මහේස්ත්‍රාත්වරයාට ලියුමක් ලියලා

යාපනය පුංකුඩිතීව් ප්‍රදේශයේ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ සැකකරුවන් ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් මොහොමඩ් රියාල් ඊයේ (22) නියෝග කළේය.

එමෙන්ම මෙම නඩුව හා සම්බන්ධ පරීක්ෂණ සාර්ථකව සිදු කර ඇති බවත් මෙකී පරීක්ෂණවලින් සියයට 98ක්ම අවසන් කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

මෙම නඩුවේ සැකකරුවන්ගේ පවුල්වල පිරිස් අධිකරණය වෙත නොපැමිණීම වඩා උචිත බවත් ඇතැම් නීතිඥයින් මෙන්ම විවිධ පාර්ශව මෙම නඩුව දිනවා දෙන බව කියමින් මුදල් ගැරීමට උත්සහා දරන බවත් මේ නිසා සැකකරුවන්ගේ පවුල්වල අය ඊට හසු වී රන් ආභරණ පවා උකසට තබා ඔවුනට මුදල් ලබා දෙනු ඇති බවත් ඊට හේතු ලෙස ඔහු පැවසීය.

එමෙන්ම මෙම නඩුවේ 12 වන සැකකරු අසනීප තත්ත්වයක් මත රෝහල්ගත කළද නිසි ප්‍රතිකාර ලැබීමටත් පෙර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවටද අනාවරණය විය.

එමෙන්ම තම නිර්දෝශීභාවය සනාථ කරමින් මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව කී ඝාතනයේ සැකකරුවෙකු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් අධිකරණයේදී විමසූ පැනයට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් වෙත ලිපි යැවීම තහනම් බව ය.

මෙම නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට හෝ සැකකරුවන්ට යමක් කීමට ඇති නම් අධිකරණයේදී ප්‍රකාශ කරන බවද මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේ ය.

යාපනය කයිට්ස් පුංකුඩිතිව් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිවලෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනය වූයේ 2015 මැයි මස 13වනදාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: