විභාග ක්‍රමය වෙනස් කිරීමට අකිලගෙන් කමිටුවක්

August 30, 2017 | 1:21 pm    0   430

විභාග ක්‍රමය වෙනස් කිරීමට අකිලගෙන් කමිටුවක්

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් විභාග ක්‍රමය වෙනස්කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය. අධ්‍යාපන අමාත්‍යංශයේ අද (30) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

දැනට ක්‍රියාත්මක විභාග ක්‍රමය මගින් සිසුන්ගේ දැනුම නිවැරදිව මැනගත හැකිද යන්න පිලිබඳ ගැටළුවක් පවතින බවත්, එමනිසා විශේෂඥයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කල බවද ඔහු අවධාරණය කළේය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව උසස්පෙළට යොමුවීමේදී නව විෂයන් 26ක් හඳුන්වාදී ඇති බවත්, එහි නියමු ව්‍යාපෘතිය ඔක්තෝම්බර් මාසයේදී ආරම්භ කරන බවද මෙහිදී සඳහන් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: