විමල් රෑට කෑම බීම වර්ජනයක

March 10, 2017 | 11:51 am    0   397

විමල් රෑට කෑම බීම වර්ජනයක

ජාතික නිදහස් පෙරමුණේ නායක, පා. ම. විමල් වීරවංශ සිරගත වී අද (10)ට දින 61ක් සපුරයි.

එළඹෙන මාර්තු 20වැනිදා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මන්ත්‍රීවරයා මෙතෙක් කාලය ගෙවන්නේ රාත්‍රී කාලයේදී ආහාර නොගෙන අඩුවෙන් වතුර පානය කර බව වාර්තා වේ.

පසුගියදා නීතිඥවරුන් සිය නඩු වාරයට සහභාගි නොවූ දිනයේ සිය ප්‍රකාශය අධිකරණය හමුවේ තැබූ මන්ත්‍රීවරයා පවසා තිබුණේ “බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ගරු අධිකරණය වෙත දන්වා ඇති පරිදි සවස 5.30 සිට පසුදා පෙරවරු 6:00 – 6:30 දක්වා මා සිටින සිරමැදිරිය හා එම වාට්ටුවේ තිඛෙන සෙසු සිර මැදිරිද අගුළු දමා වසා දමනු ලබනවා.” යනුවෙනි.

තමන්ගේ ශරීර කෘත්‍යයන් වෙනුවෙන් භාජන දෙකක් සිරකුටිය සඳහා ලැබී තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගතහොත් රාත්‍රිය ගත කිරීමට සිදුවන්නේ වැසිකිලියකට සමාන ස්ථානයක වීම හේතුවෙන් තමන් රාත්‍රී ආහාරය නොගෙන සිටීම හා වතුර අඩුවෙන් පානය කිරීම සිදු කරන බව ඔහු පවසා ඇත.

මන්ත්‍රීවරයා සිය සිරගත දිවියේ කටුකත්වය එසේ පෙන්වා දෙන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: