වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට අගමැතිගෙන් තීරණයක්

April 17, 2017 | 6:03 pm    0   157

වියට්නාම සංචාරය කලින් අවසන් කිරීමට අගමැතිගෙන් තීරණයක්

වියට්නාමයේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මීතොටමුල්ලේ සිදු වූ ඛේදවාචකය හේතුවෙන්, සැලසුම් කළ දිනට පෙර සිය සංචාරය නිමවා දිවයිනට පැමිණීමට තීරණය කර තිබෙනවා.

අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ වියට්නාම සංචාරය ලබන 19 වනදා මධ්‍යම රාත‍්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ බවයි.

එහෙත් පවතින තත්වය හමුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා සංචාරය කෙටි කොට, හැකි ඉක්මනින් දිවයිනට පැමිණීමට තීරණය කර ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: