විල්පත්තු විනාශය යළි ඇරඹේ – ඇත්ත මෙන්න

December 29, 2016 | 4:31 pm    0   1027

විල්පත්තු විනාශය යළි ඇරඹේ – ඇත්ත මෙන්න

මහත් ආන්දෝලනයකට තුඩුදුන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය වටා ආරක්ෂාවට පිහිටා ඇති පරිවාර රක්ෂිත වනාන්තර පද්ධතිය නැවතත් විනාශ කිරීම අරඹා තිබෙන බව අපට වාර්තා වේ. විල්පත්තුව ජාතික වනාන්තරයට කිලෝමිටර් 10 ක දුරින් පිහිටි මාවිල්ලුව වන රක්ෂිතයට උතුරින් පිහිටා ඇති අක්කර 5425 ක විශාලත්වයකින් යුත් අතර විලත්තිකුලම් රක්ෂිතයේ අක්කර 750 ක භූමියක් මෙසේ වන සංහාරයට නැවතත් ගොදුරුවී තිබේ.

කෙසේවෙතත් මේ  පිළිබඳව  මන්නාරම දිස්ත්‍රික් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයෙන් කළ විමසීමේදී කිසිවෙක් ප්‍රතිචාර නොදැක්වුවද ඔවුන් කිවේ  2014 හෝ 2015 වසර වලදී එකදු බිම් අඟලක් ලබාදී නැති නමුත් 2012 සහ 2013 වසර වලද යම් ඉඩම් ප්‍රමාණයක් ලබාදී ඇති බවය.

එම ප්‍රමාණයද සඳහන් කිරීමට මොවුන් අපොහොසත් වු අතර  අනතුරුව වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසීමට උත්සහදරන ලද අතර  අධ්‍යක්ෂවරයා කිසිදු ලෙසකින් සම්බන්ධ කිරීමට නොහැකි විය.

විල්පත්තුව වෙනුවෙන් පෙනී සිටින පරිසර සංවිධාන එකමුතුව පවසා සිටින්නේ මෙම රක්ෂිත වනාන්තර කිසිදු ආකාරයකින් පවරාදීමක් සිදුව නැති බවත් එසේ නම් එය ගැසට් කිරීමක් සිදුවිය යුතු බවයි.

මෙම විලත්තිකුලම් වන රක්ෂිතය විල්ලු රැසකින් පිරී ඇති බවත් අලි ඇතුන් හා වන සතුන්ගෙන් පිරි වන රක්ෂිතයක් වන අතර එවැන් පරිසරයක් වැනසීම තුළින් විල්පත්තුවට සිදුවන හානිය සුළු පටු නැති බවද පරිසර සංවිධාන එකමුතුව පවසයි.

විල්පත්තුවේ විලත්තකුලම් රක්ෂිත වනාන්තරය ඇතුළත දර්ශන මෙන්න…

 

උපුටා ගැනීම – හරි ගොසිප්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: