විවාහ වෙලා මාසයක් යන්නත් කලියෙන් ගල්කිස්ස හෝටලයක තරුණ ව්‍යාපාරිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්වෙලා..

September 6, 2017 | 6:50 pm    0   741

විවාහ වෙලා මාසයක් යන්නත් කලියෙන් ගල්කිස්ස හෝටලයක තරුණ ව්‍යාපාරිකයෙක් අභිරහස් ලෙස මරණයට පත්වෙලා..

තරුණ ව්‍යාපාරිකයෙකු වන  චමින්ද විජයතිලක නැමැත්තා පසුගිය 31වන දින ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුප්‍රසිද්ධ හෝටලයක් වන හවුස් චන්ද්‍රා හෝටලයේදී ඝාතනය කර තිබේ.මෙම මරණය සම්බන්ධයෙන් සැක ඇතිවීම නිසා කළුබෝවිල රෝහල පොලීසියට කරුණු වාර්තා කර ඇත.

හවුස් චන්ද්‍රා හෝටලයේ සිහිසුන්ව සිටියදී රෝහල් ගත කර ඇති ඔහුගේ දත් කැඩී ගොස් සහ මුහුණේ සැක සහිත තැලීම් ඇති බවත් වාර්තා වී ඇත.

ඔහුගේ විවාහයට සාක්ෂි ලෙස අත්සන් තබා ඇත්තේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ ඔටාරා ගුණවර්ධන මහත්මිය විසිනි. මෙම තරුණ ව්‍යාපාරිකයා මියගොස් ඇත්තේ විවාහ වී  මාසයකටත් අඩු කාලයක් තුළ දීය. මෙම සිදුවීම සිදු වූ දිනයේ දී ඔහුගේ බිරිද ද ඔහු සමගම එම හෝටල් කාමරයේම නවාතැන් ගෙන සිටි අතර බිරිඳ කිසියම් අවශ්‍යතාවය කාරමයෙන් පිට ව ගොස් තිබු අවස්ථාවේ මෙම ඝාතනය සිදු වී ඇති බවට සැක පල කරයි.

ඊට පැය කිහිපයකට පසු මෙම ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයාගේ මිතුරන් දෙදෙනෙකු එම ස්ථානයට ගොස් ඇති අතර ඇතුලතින් අගුලු දමා දොර වසා තිබු බව වාර්තා වේ. පසුව එම මිතුරන් දෙදෙනා ඇතුලට යනවිට ඔහු බිම වැටී සිටිනු දැක ඇත.

මෙහි සැක කටයුතු කරුණක් වන්නේ නඩුකාරවරයා පස්චාත් මරණ පරීක්ෂණය සඳහා එම හෝටල් පරීශ්‍රයට යනවිට එම හෝටල් කාර්ය මණ්ඩලය විසින් මරණය සිදුවූ ස්ථානය ඇතුළු අනෙකුත් බඩු බාහිරාදිය සුද්ද පවිත්‍ර කොට තිබීමය. එම නිසා මේ පරීක්ෂණය පිළිබඳව ගල්කිස්ස උසාවිය ගල්කිස්ස පොලීසියට දෝෂාරෝපණය කොට ඇත. පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණය පවත්මින් පවතියි.

තවද මෙම තරුණ ව්‍යාපාරිකයා විවාහ වුණු තැනැත්තිය මීට පෙර හමුදා නිලධායෙකු සමග විවාහ ගිවිස ගෙන සිටි බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තාවී ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: