විසදුම් දෙනතුරු තැපැල් වර්ජනය අඛණ්ඩව

June 27, 2017 | 3:54 pm    0   111

විසදුම් දෙනතුරු තැපැල් වර්ජනය අඛණ්ඩව

තැපැල් කාර්යාල කිහිපයක් හෝටල් ව්‍යාප්‍රති සඳහා ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන තැපැල් සේවකයින් ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කල වැඩ වර්ජනය මේ වනවිටත් අඛණ්ඩව ක්‍රියාත්මකවේ.

තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සිය ඉඉලීම් ලබාදෙන තුරු මෙම වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ මේ වනවිට ලිපි ලක්ෂයකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවද වාර්තා වේ.

තව ද දිවයිනේ සියලුම තැපැල් කාර්යාල වල සේවකයින් මෙම වැඩ වර්ජනයට සහය දක්වමින් අද දිනය පුර සිය රාජකාරි කටයුතු වලින් බැහැරව සිටීම නිසා එම කාර්යාලවල වැඩකටයුතු ද සම්පුර්ණයෙන්ම ඇනහිට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: