විහාර මහා දේවි උද්‍යානයේදී මාල කැඩූ කොස්තාපල් 27 දක්වා රිමාන්ඩ්

April 21, 2017 | 10:00 am    0   222

විහාර මහා දේවි උද්‍යානයේදී මාල කැඩූ කොස්තාපල් 27 දක්වා රිමාන්ඩ්

කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සිය දරුවන් සමඟ පැමිණි සිටි කාන්තාවකගේ රුපියල් 85.000ක් වටිනා ගෙල බැදි රන් මාලය සොරා ගත් බව කියන කුරුදුවත්ත පොලිසියේ පොලිස් කොස්තාපල් මේ මස 27 වන දින දක්වා තවදුරටත් රක්ෂිතබන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (20) නි‍යෝග කළේය.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබු අතර සැකකරුට එරෙහිව ඉදිරි දින පැමිණිල්ලක් ගොනු කිරිමට කටයුතු කරන බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු සම්බන්ධයෙන් පෙර වැරදි වාර්තා කැදවා ඇතත් මේ දක්වා ලැබි නොතිබි හෙයින් ඉදිරි දින පැමිණිල්ල ගොනු කිරිමට කටයුතු කරන බව පැවසු ‍කුරුදුවත්ත පොලිසිය ඔහු මිට පෙර ද මෙවැනි වරදවල් සිදු කර ඇද්ද යන්න පිළිබදිව විමර්ශනයක් පැවැත්විමට අවශ්‍ය බවත් ඒ සදහා අදාල ආයතන මඟින් වාර්තා කැඳවා ඇති බව පැවසිය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ නො.31,ක‍න්දේවත්ත මාවනැල්ල පදිංචි මාරඋල්ලේ රන්හොට්ටිගේ සුනිල් සිරිසේන නැමැත්තාය.
ඉකුත් 06 සිය දරුවන් සමග විහාර මහාදේවි උද්‍යානයට පැමිණි බවත් දරුවන් සෙල්ලම් කරන දිහා බලා සිටියදි සැකකරු පැමිණ සිය කර මාලය කඩා ගිය අතර කැ ගසද්දි අවට පිරිස රොක් වි සැකකරු අල්ලා උද්‍යානයේ මුරපළට බාර දුන් බවට මාළිගිවත්ත ,කොළඹ 10 පදිංචි බියන්විලගේ නිලන්ති පෙරේරා නැමැත්තිය ‍කුරුදුවත්ත පොලිසිය වෙත පැමිණිලි කර ඇත.
සිවිල් බලකා නිලධාරියෙකු වන ජම්බු‍වාගේ පියරත්න මහතා විසින් සැකකරු අල්ලා පොලිස් මුරපළට භාර දි ඇත.
ගෙලබැදි රන්මාලය හා පෙන්ඩනය සොයා ගත්ත ද මාලයේ ගාංචුව සොයා ගත නොහැකි වු බවට පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
අදාළ කරුණු සළකා මහෙස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් මේ මස 27 දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේය.
පොලිස් සැරයන් මෙන්ඩිස් හා මදනායක යන අය සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: