වීසා නැතුවට නයිජීරියානුවාට 50000ක් දඩ ගහලා

May 16, 2017 | 12:00 pm    0   146

වීසා නැතුවට නයිජීරියානුවාට 50000ක් දඩ ගහලා

වලංගු වීසා නොමැතිව මෙරට රැදි සිටි නයිජීරියානු ජාතිකයකුට රුපියල් 50000ක දඩ මුදලක් ගෙවන ලෙස කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ(15) නියෝග කළාය.
වැද පිළිගැනීම හේතවෙන් මෙලෙස දඩුවම් නියම නයිජීරියානු ජාතික ඇලෙන්බාර් නයිජියෝ නැමැති අයකුට වේ.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස පහක සරළ සිරදඩුවම් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු රටින් පිටුවහල් කිරිම සම්බන්දයෙන් ආගමන විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙසත් එතේක සැකකරු මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා තබන ලෙසටත් නියෝග කළාය.
මෙම සැකකරු කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: