වෙඩි කෑ සයිටම් ලොක්කා පොලීසියටත් නොකියා රටින් ගිහින්

February 11, 2017 | 11:06 am    0   409

වෙඩි කෑ සයිටම් ලොක්කා පොලීසියටත් නොකියා රටින් ගිහින්

මාලඹේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සමීර සේනාරත්න විදේශගතව ඇත්තේ පොලිසියට දැනුම් දීමකින් තොරව බව වාර්තා වෙයි.

වෛද්‍ය සමීර සේනාරත්න විදේශගතව ඇත්තේ ඊයේ (10) දිනයේදී බවද පැවසේ.

ඉකුත් දා ඔහුගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බැවින් ඔහු විදේශගත වන්නේ නම් පොලිසියට පෙර දැනුම් දීමක් සිදුකළ යුතුව තිබූ බව පොලිස් මූලස්ථානය පැවසයි.

කෙසේ වෙතත් පරීක්ෂණ සදහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර පොලිසිය හරහා ඔහු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කළ හැකි බව වැඩිදුරටත් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: