වේගපන්දු පුහුණුකරු ඉල්ලා අස්වේ… නව පුහුණුකරු හැමෝම දන්නා කෙනෙක්ලු

July 21, 2017 | 11:41 am    0   485

වේගපන්දු පුහුණුකරු ඉල්ලා අස්වේ… නව පුහුණුකරු හැමෝම දන්නා කෙනෙක්ලු

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක මහතා අද (21) උදැසන සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත.

ඒ මහතා අද උදැසන සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කල විමසීමකදී එහි ප්‍රකාශකයෙකු අප වෙත සඳහන් කළේය.

ඉවත්වූ රාමනායක මහතා වෙනුවට ඉන්දියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචරය වෙනුවෙන් පමණක් චමින්ද වාස් වේගපන්දු පුහුණුකරු ලෙස තාවකාලිකව පත්කිරීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තාවේ.

කෙසේ වෙතත් මීළඟ වේගපන්දු පුහුණුකරු කවුද යන්න මෙතෙක් නිල වශයෙන් කිසිවෙකුත් පත්කර නොමති  බවද, බොහෝවිට අද (21) දිනයේදී නව වේගපන්දු පුහුණුකරු නිල වශයෙන්ක පත්කෙරෙනු ඇතැයිද එම ප්‍රකාශකයා පැවසිය.

ලංකා ක්‍රිකට් වල ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය මේ සමඟම තව තවත් වැඩිවී ඇති බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: