ශ්‍රීලනිප සම කැබිනට් ප්‍රකාශක ධුරයට ඇමති දයාසිරි

May 30, 2017 | 6:11 pm    0   262

ශ්‍රීලනිප සම කැබිනට් ප්‍රකාශක ධුරයට ඇමති දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සම කැබිනට් ප්‍රකාශකයෙකු ලෙස ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මයිත්‍රීපාල  සිරිසේන මහතා විසින් පත්කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව පිහිටුවා ගත් නව  සම්මුති ආණ්ඩුවට එය පිහිටවූ දා සිටම කැබිනට් ප්‍රකාශකවරු දෙදෙනෙක් පත්කර තිබුණි. ඒ හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා සහ සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාය.

එනමුත් කල් ගතවත්ම මෙම පක්ෂ දෙකේ අභ්‍යන්තර ගැටුම් උත්සන්න වූ අතර, එය මහජනතාවට තව දුරටත් රහසක් වශයෙන් තබාගත නොහැකි තත්වයට පත්විය.  කැබිනට් තීරණ දැනුම්දිමේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යම් අසාධාරණයක් සිදුවූ බවට වාර්තාවිය. ඒ කැබිනට් ප්‍රකාශකයින් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කල අය වූ නිසා බැවිණි.

මේ නිසා මෙයට පිලියමක් ලෙස, මෑතක සිදුවූ කැබිනට් සංශෝධනයට පෙර සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් සම කැබිනට් ප්‍රකාශකයෙකු පත්කරගැනීමේ වුවමනාවක් එම පක්ෂයට තිබිණි. එනමුත් එවකට ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ නොසිටි බැවින් එතුමා පැමිණීමෙන් පසු එය සිදු කිරීමට නියමිතව තිබිණි. ඉන් අනතුරුව කැබිනට් සංශෝධනය සිදු කල නිසාවෙන් එය කල් ගියේය.

කැබිනට් ප්‍රකාශක ධුරය ඇමති අනුර යාපා මහතාට දීමට යෝජනා වී තිබුනද ඒ මහතා එයට අකමැත්ත ප්‍රකශ කර තිබූ බැවින් ඇමති දයාසිරි ජයසේකර මහතාට මෙය ලබාදීමට යෝජනා විය. ඒ මහතා ද ඒ සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අද දින මෙම නව සම කැබිනට් ප්‍රකාශක ධුරය ඒ මහතාට ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: