ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහනවාද? නැත්ද ? තීරණය හෙට

June 19, 2017 | 6:06 pm    0   172

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වහනවාද? නැත්ද ? තීරණය හෙට

By Editor

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට හෙට (20) පැවැත්වනු ලබන කැබිනට් රැස්වීමට පැමිණෙන්න ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්වයක පවතින බැවින් ඒ පිළිබඳව වැදගත් තීරණ රාශියක් ගැනීමට නියමිත බැවින් මෙලෙස හදිසියේම එම අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1200 ක් ඇතුළුව 7200 කට ආසන්න සේවක පිරිසක් සිටිනවා.

මේ අතර මෙම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ඉදිරියටත් මෙම ගුවන් සමගම ඉදිරියටත් පවත්වාගෙන යනවාද නැතහොත් වසා දමනවාදැයි තීරණයක් ගනු ඇති බව විචාරකයින් පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: