ශ්‍රී ලංකාවටත් සයිබර් ප්‍රහාරයක් ?

මේ එනවිට ලොව බොහෝ රටවල්වලට එල්ලවී ඇති සයිබර් ප්‍රහාර ශ්‍රී ලංකාවට ද එල්ලවිය හැකි බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

ඒ අනුව පසුගිය මාසයේ එල්ලවූ රැම්සම්වෙයාර් පරිගණක වයිරසයට සමාන වයිරසයකින් ශ්‍රී ලංකාවට ද බලපෑම් එල්ලවිය හැකි බව එම සංසදය පවසයි. තමාගේ පරිගණකය නිතරම යාවත්කාලින කරගැනීම මගින් මෙම වයිරසවලට සාර්ථකව මුහුණදිය හැකි බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පවසා ඇත.

මෙම නව සයිබර් ප්‍රහාරයට යුක්රේනය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, නෙදර්ලන්තය,අමෙරිලව ඇතුළු රටාවල් කිහිපයක්ම ගොදුරුවී අවසන්ය.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 16 =