ශ්‍රී ලංකාවට පුර්ණ පරාජයක්

August 14, 2017 | 4:11 pm    0   195

ශ්‍රී ලංකාවට පුර්ණ පරාජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අදාලව පැවතී තරග 3න් සමන්විත ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ඉන්දියාව ජයගැනීමට සමත්විය. ඒ සමඟින් ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාව ඉන්දියාව හමුවේ පුර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදුවිය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සියලුදෙනා ලකුණු 487ක් රැස්කිරීමට සමත්විය.  එයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කළේ ලකුණු 135ක් පමණි. ඒ අනුව සිය දෙවන ඉනිම වෙනුවෙන් යලිත් ලකුණු රැස්කිරීමට පිටියට බට ශ්‍රී ලංකාවට මිට සුළු මොහොතකට පෙර සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 181ක් පමණි. ඒ අනුව තෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 171න් ජයගැනීමට ඉන්දියාව සමත්විය.

ඉන්දියාව සියල්ලන් දැවී ලකුණු 487

(ශිකර් ධවාන් 119, පාණ්ඩ්‍යා 108, සඳකැන් 5/132, පුෂ්පකුමාර 3/82)

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 135

(දිනේෂ් චන්දිමාල් 48, කුල්දිප් යාදිව් 4/40)

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියල්ලන් දැවී ලකුණු 181

(දිනේෂ් චන්දිමාල් 36, ඇන්ජලෝ මැතිව්ස් 35, අශ්වින් 4/68)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: