ශ්‍රී ලංකාවේ නව වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

July 21, 2017 | 5:45 pm    0   243

ශ්‍රී ලංකාවේ නව වේගපන්දු පුහුණුකරු චමින්ද වාස්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චම්පක රාමනායක මහතා අද (21) උදැසන එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් පමණක් එම තනතුරට පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (21) නිකුත් කල මාධ්‍ය නිවේදනයක මේ බව සඳහන් වෙයි.

චමින්ද වාස් ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන ක්‍රීඩකයින්ගේ දක්‍ෂතාවන් ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටි අතර ඔහු දිවයින පුරා සිටින වේගපන්දු යවන ක්‍රීඩකයින් සමඟ කටයුතු කරමින්, වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට, සංවර්ධන කණ්ඩායමට සහ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමට දක්‍ෂයින් හඳුනා ගැනීමේ කාර්යයේ නිරතව සිටියේය. මීට පෙර 2013 වසරේ දී ද ඔහුව වසර දෙකක කොන්ත්‍රාත් කාලයකට මෙම තනතුරට සඳහා පත් කර ගන්නා ලදි.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ සාර්ථකම වේගපන්දු යවන ක්‍රීඩකයා වන චමින්ද වාස් ටෙස්ට් තරග 111ක දී කඩුලු 355කුත්, එක්දින තරග 322ක දී කඩුලු 400කුත් දවා ගන්නට සමත් වි ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: