ශ්‍රී ලංකාව තුල භයානක රෝගයක් හිස ඔසවයි

December 17, 2016 | 8:00 am    0   907

ශ්‍රී ලංකාව තුල භයානක රෝගයක් හිස ඔසවයි

මාරාන්තික තත්වයට පත්විය හැකි ලිෂ්මනයිසීස් රෝගය 2010 වසරේ සිට 2016 වසර දක්වා කාලය තුල මේ වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තදබල ලෙස පැතිර යමින් පවතී. ලිෂ්මෙනියා නමැති පරපෝෂිත විශේෂ හරහා බෝවන රෝගයක් වන මෙය වැලි මැස්සාගේ දෂ්ඨනයට ලක්වීමෙන් ආසාදනය වෙයි. ඒ සදහා නිශ්චිත ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බව වෛද්‍යවරුන් පවසති.

රෝගවාහක වැලි මැස්සා ශාක යුෂ උරා බොන අතර උගේ බිත්තර පරිනත කර ගැනීම සඳහා කොඳු ඇට පෙළ සහිත සතුන්ගේ ලේ උරා බොයි. මෙම මැස්සා රාත්‍රී කාලයේ ක්‍රියාත්මක වන අතර වියලි කාල ගුණයට ප්‍රිය කරයි.

මෙම රෝගය ආකාර කිහිපයකින් දැකිය හැකියි. චර්මගත ලිෂ්මනයිසීස් සමින් එසවුණු රතු පති ලපයකින් ආරම්භ වී පසුව ගැටිත්තක් දක්වා වර්ධනය වනවා. එය පසු කලෙක තුවාලයක් දක්වාද උත්සන්න විය කකියි. මෙය ශරීරයේ බාහිරට නිරාවරණය වූ ස්ථාන වල හටගනියි. මෙය කසීමකින් හෝ වේදනාවකින් තොර තුවාලයක් විය හැකියි. එමෙන්ම ප්‍රතිකාර නොකිරීමෙන් අවලස්සන කැළැල් ඉතිරි කරමින් තුවාලය සුව වීමට වැඩි ඉඩක් පවතිනවා.

මීට අමතරව චර්ම ශ්‍රේල්ෂ්මල පටල ලිෂ්මනයිසීස් අවස්ථාවේ මුඛය හා නාසය ආශ්‍රිතව ඉදිමුම් සහිත තුවාල හට ගනී. මෙහි බරපතලම තත්වය වන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රීයයන්ට මෙම රෝගය ආසාදනය වීමයි. එහිදී අධික උන, උදරයේ අපහසුතා, කෑම අරුචිය, බර අඩුවීම, අහික තෙහෙට්ටුව, අක්මාව, ප්ලීහාව සහ වසා ගැටිති ඉදිමීම රුධිරය අඩු වීම වැනි රෝගලක්ෂණ ඇති විය හැකියි. එය මාරාන්තික තත්වයක් වන අතර වසරකට ලොව පුරා මෙම 20000ක් 30000ක් අතර ප්‍රමාණයක් මෙම රෝගය නිසා මිය යනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ 22 තුලම මෙම රෝගීන් හමු වී ඇති අතර වී වශයෙන් පදවිය, තලාව, අනුරාධපුර, නැගෙනහිර සහ මධ්‍යම නුවරගම් පළාත, රාජාංගනය, තඹුත්තේගම හා නොච්චියාගම යන ප්‍රදේශ වලින් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇති අතර අඩුම රෝගීන් වාර්තා වන්නේ පළාගල සහ හොරොව්පතාන ප්‍රදේශ වලින් බවත් සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: