ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය නොමිලේ බලන්න අවස්ථාවක්

July 11, 2018 | 12:24 pm    0   219

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා ටෙස්ට් තරගාවලිය නොමිලේ බලන්න අවස්ථාවක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හෙට (12) සිට ආරම්භ වන ටෙස්ට් තරගාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාවක් මෙරට පාසල් සිසුන්ට සහ ක්‍රිකට් ඇකඩමි වල පුහුණුව ලබන සිසුන්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

එම තරගාවලියට අදාලව ජුලි 12 වැනිදා සිට 16 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය සහ ජුලි 20 සිට 24 දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගයේදීත් මෙම අවස්ථාව හිමිවනු ඇත.

තවද එම අවස්ථාව හිමිකරගැනීමට නම් පාසල් සිසුන් සිය නිල ඇදුමෙන් සරසි තරග නැරඹීමට පැමිණිය යුතු අතර, ක්‍රිකට් ඇකඩමි සිසුන්ට සිය හැදුනුම්පත පෙන්වා අනන්‍යතාවය තහවුරු කර ක්රිදන්ගනයට ඇතුල්විය හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: