ශ්‍රී ලාංකික පවුලක් සජාහිදී 7වෙනි මහලෙන් බිමට පැන මරුට.

September 8, 2017 | 3:20 pm    0   213

ශ්‍රී ලාංකික පවුලක් සජාහිදී 7වෙනි මහලෙන් බිමට පැන මරුට.

ශ්‍රී ලාංකික පවුලක් සාජාහීදී පසුගියදා ඔවුන් රැඳී සිටි හෝටලයේ හත්වෙනි මහලෙන් බිමට පැන සියදිවි හානි කර ගැනීමට තැත් කොට ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී 55 හැවිරිදි පියා, 52 හැවිරිදි මව හා පුතා මිය ගොස් ඇති බවත් දියණියන් දෙදෙනා ගේ ජීවිත බේරී ඇති බවත් එම වාර්තා තවදුරටත් සඳහන් කරයි. මෙය සිදුව ඇත්තේ පසුගිය සතියේ වන අතර මේ හේතුවෙන් මොටර් රථයකටද අලාභහානි සිදුව තිබෙනවා.

දියණියන් දෙදෙනාගෙන් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් දියණිය සාමාන්‍ය තුවාල ලබා තිබෙනවා. ඔවුන් දෙදෙනා අල් කායිග් රෝහලට ඇතුලත් කර ඇතැයි අදාල මාධ්‍ය වාර්තා කර ඇත.

සංචාරක වීසා ලබාගෙන මීට මාස 9 කට පෙර මෙම ලාංකික පවුල සාජා නුවර බලා ගොස් ඇති අතර මිය ගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරික්ෂණ සඳහා ඉදිරිපත් කර ඇත.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂි හා විස්තර ලබා ගැනිමෙන් අනතුරුව සියදිවි නසා ගැනීමක් ලෙසින් තහවුරු වුවත් ඊට හේතුව සොයා ගැනීමට නොහැකිවූ බව සාජා පොලීසිය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: