ශිවන්යා ඔයා

October 12, 2016 | 7:31 pm    0   1885

ශිවන්යා ඔයා

ශිවන්යා ඔයා… ඔව් මේ එයා තමයි. කොහොමද නම කිව්ව ගමන් මතක් වෙන්නේ තඩි නයෙක් නේද? නයෙක් නෙවෙයි හැපින්නියක්. හැබැයි ඒ හැපින්නියත් පට්ට හැපින්නියක්. මොකද අවුරුදු සියයක් තපස් රැකලා ශිව දෙවියන්ගෙන් ආශිර්වාද අරං ඕනම වේශයක් ගන්න පුළුවන් හැපින්නියක්.

අපි ශිවන්යා දන්නේ ප්‍රේම දඩයම ඉන්දියානු මිත්‍යා ජනප්‍රවාද මූලාශ්‍ර කරගෙන නිර්මාණය වුණු indian ටෙලි නාට්‍යයෙන්’ ශිවන්යා ගැන කවුරුත් දන්නවා ඒත් මෞනි රෝයි ගැන දන්නවද?

ඒක නිසා අපි ශිවන්යාගේ ඇත්ත ජීවිතේ මොන වගේද කියලා හොයන්න පටන්ගත්තා. මුලින්ම කියන්න ඕන මෞනි තාම කසාද නම් බැඳලා නෑ. ඒත් පසුගිය කාලේ ගෞරව් චොප්රා හා මොහිත් රයිනා කියන ඉන්දීය රංගන ශිල්පීන් දෙදෙනෙක් එක්ක හාදකමක් තිබිල තියෙනවා. ඒත් ඒක දැන්නම් නැතිලු.
කොහොම වුණත් අවුරුදු 30ක් වෙන මෞනි ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ උපාධිය අවසන් කරල ජන සංනිවේදනය පිළිබඳවත් පුළුල් හැදෑරීමක් කරපු කලාකාරියක්.

මෞනි මුලින්ම කුච්බෙහාර් කේන්ද්‍රීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබල දිල්ලිවල Miranda house University සහ Jamiya Millia Islamiya University කියන විශ්ව විද්‍යාලවලට ඇතුළත් වෙලා අධ්‍යාපනය ලබල තියෙනවා.
ගෙදර විස්තර ඕන නැද්ද? දෙනව දෙනව අපි දන්නව ඔයාල හොයනව කියලා ඉතින් එහෙනම් දැනගන්න. මෞනිගෙ පවුලෙ එකම කෙල්ල තමයි මෞනි. තනියට එයාට සහෝදරයෙකුත් ඉන්නවා. රෝයි පවුලෙ ලොකු තැන මෞනිගෙ තාත්ත අනිල් රෝයි. ගුරුවරියක් වන මව මුක්ති රෝයි. මේ පවුලට මෞනි රෝයි කියන රෝස පැටික්කි එකතු වෙලා තියෙන්නේ 1985 සැප්තැම්බර් 28. ඒ කියන්නේ ගිය සතියෙ තමයි මෞනිගෙ 31 වැනි උපන් දිනේ.
උස අඩි 5.6 ක් වුණ මෞනි වැඩිපුර කැමති ඇවිදින්න වුණත් ගොඩක් වෙලාවට Dan Brown, Jon Winkur, Sylivia Plath සහ J.K.Rowling පොත් කියවන්න ආසයිලු.

දන්නවද අපේ හාදයෝ වගේම මෞනි චීන කෑම වලට ටිකක් වැඩිපුර පෙරේතයිලු.
ඒ අස්සේ ලියනාඩෝ ඩී කැප්රියෝටත් හිතින් ලව් කරනවලු.

මිනෝලි පීරිස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: