ශිහාන් ඉන්නේ අලුත් පරම්පරාවේ රසිකයෝ ගැන කලකිරිමෙන්ලු (ඡයාරූප සහිතයි)

July 19, 2017 | 12:38 pm    0   660

ශිහාන් ඉන්නේ අලුත් පරම්පරාවේ රසිකයෝ ගැන කලකිරිමෙන්ලු (ඡයාරූප සහිතයි)

ගායන ශිල්පී ශිහාන් මිහිරංග නව පරපුරේ රසික රසිකාවියන් පිළිබඳව කලකිරීමකින් සිටින බව ප්‍රකාශ කළේය. ඒ පසුගියදා “ඉරිදා ඇපල්” මාධ්‍ය අනුග්‍රහයෙන් මහනුවරදී පැවති “රජ ගමනට PickMe Live in Consert” සංගීත ප්‍රසංගයේදීය.

තමා මීට වසර 9කට පමණ පෙර මෙම ස්ථානයේදීම ගීත ගායනා කල බවත්, එකළ සංගීත ප්‍රසංගය සමඟ එකතු වී සිටි රසිකයන්ගෙන් තමාට උණුසුම් ප්‍රතිචාර ලැබුණද, අද එම රසික රසිකාවියන් විවාහ වී දරුවන් සිටින අය බවට පත්ව ඇති බැවින් තමාට එකල තරම් උණුසුම් ප්‍රතිචාර වර්තමානයේ නොලැඹෙන බවත් සඳහන් කලේ යම් කලකිරීමකින් යුතුවය.

තමාද දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බවට පත්ව ඇති බැවින් ඉස්සර වගේ pickMe එක්ක විනෝදයෙන් ගමනක් යන්න තමාටත් අවසථාවක් නොමැති බවත් ශිහාන් මිහිරංග සඳහන් කලේය.

මෙම සංගීත ප්‍රසංගයට අමල් පෙරේරා, එම්.ජි. ධනුෂ්ක, උපේකා නිර්මාණි ඇතුළු ජනප්‍රිය ගයක ගායිකාවෝ රැසක් එක්ව සිටියහ.

“ඉරිදා ඇපල්” අනුග්‍රහයෙන් පැවති “රජ ගමනට PickMe Live in Consert” සංගීත ප්‍රසංගයේ රස මුසු අවස්ථා අපේ කැමරා කාචයේ සටහන් වුයේ මෙලෙසය.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: