“සංගාට, මහේලට සහ මට ශ්‍රී ලංකා කණ්ඩායමට උදව් කරන්න වෙලාවක් නැහැ” – මුරලි

July 18, 2017 | 9:30 am    0   796

“සංගාට, මහේලට සහ මට ශ්‍රී ලංකා කණ්ඩායමට උදව් කරන්න වෙලාවක් නැහැ” – මුරලි

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත්ව ඇති අසීරු තත්වය පිලිබඳ අදහස් දැක්වූ හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පැවසුවේ සංගාට, මහේලට හෝ තමාට මේ මොහොතේදී ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක එකතුවීමට නොහැකි බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ පිළිබඳව සිතීම පලක් නොමැති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවට මේ මොහොතේ කල යුතු වන්නේ කණ්ඩායමේ දක්ෂතා යලි වර්ධනය කරගෙන තරග වලට මුහුණදීම බවත්ය. ඒවා නිවැරදි කර නොගෙන කුමක් කලත් පලක් නොවන බවයි.

මුරලි මේ පිලිබඳ අදහස් දක්වා තිබුනේ Times of India පුවත්පතටය.

එහිදී ඔහු මෙසෙද්ද සඳහන් කර ඇත.

තමන් විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කටයුතු නොකළ නිසා යලි ක්‍රිකට් ආයතනය සමඟ සමීපව කතා නොකර ඒ පිලිබඳ අදහස් දැක්වීම නිවැරදි නොවන බවයි. 

තවද සංගක්කාර තවදුරටත් ක්‍රීඩා කරන බවත් තාමත්, මහේලත් මේ වනවිට පුහුණුවීම කටයුතු වල නිරතවන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: