සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම පත්කෙරේ

September 14, 2017 | 11:33 am    0   185

සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම පත්කෙරේ

සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා පත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිර්දේශය මත, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම පත් කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන  සූරියප්පෙරුම මහතා කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ.  තවද මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධි ලාභියෙකි.

ලංකා බැංකුවේ අභ්‍යාසලාභී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

බැංකු ක්ෂේත්‍රයෙන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී ඔහු කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: