සංහිඳියාවට තර්ජනයක් වන ෆේස්බුක් පිටුවලට වැට

January 30, 2017 | 9:53 am    0   379

සංහිඳියාවට තර්ජනයක් වන ෆේස්බුක් පිටුවලට වැට

ජාතික සංහිඳියාවට තර්ජනයක් වන ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි පාලනය කිරීමට හා පුවත්පත් කලාවේදීන් ආරක්‍ෂා කිරීමේ අරමුණින් මාධ්‍ය කොමිසමක් පත් කිරීමට රජය සැලැසුම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා පවසයි.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ආගම්වාදයට සහ ජාතිවාදයට හේතුවන පරිදි ඇවිළෙන සුලු ප්‍රචාරයන් ගෙන යන බවත් මේවා පාලනය කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් අප රට තුළ නොමැති බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක් කැඳවීමට තීරණය කර ඇතැයිද පැවැසූ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙවැනි ක්‍රමවේදයක් ලෝකයේ දියුණුම රටවල දැනටමත් තිබෙන බවද ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: