සත්තුන්ට ජීවිතය දෙන දෙහිඅත්තකණ්ඩියේ දම්මික

January 30, 2017 | 11:50 am    0   1669

සත්තුන්ට ජීවිතය දෙන දෙහිඅත්තකණ්ඩියේ දම්මික

පුංචි පුංචි කිරි සප්යෝ ඉපදුන ගමන් මහ මඟ දාලා යන තමන් හැදූ වැඩු දෙමව්පියෝ මහරෑක නොදන්නා පෙදෙසක අතහරින පොඩි ඉඩම් කොටසට එකිනෙකා කෙටාගෙන මරාගන්න මනුෂ්‍යය ජීවිතවල වටිනාකම අබ ඇටයකට මායිම් නොකරන අමනුෂ්‍යයන් හුස්ම හිරකරන සමාජයක වචනයේ පරිසමාත්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෝ ගුණසුවඳ දසතම පතුරවන මිනිසුනුත් හුස්ම ගන්වා කියල දැන් දැන් හිතෙනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීම හරියට කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලන තරම් දුෂ්කර කාරණාවක් කියලා. එතරම් දුෂ්කරව ලබා ගන්න මනුෂ්‍ය ජීවිතය මිනිසුන් කොයිතරම් නොවටිනා විදියට විනාශ කළා දානවද කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නැහැ. මේ මොහොත වෙනකොට මනුෂයන්ට තවත් මනුෂ්‍යයෙකුගේ ජීවියේ වටිනාකම නොතේරෙන තරමටම එකිනෙකා අන්ධවෙලා. ඒ නිසාම වෙන්න ඇති පුංචි පුංචි කාරණාවලට පවා මිනිසුන් කියා ගන්න උදවිය ඉස්සෙල්ම අතට මන්න, පිහි, තුවක්කුව ගන්නේ. ඒත් මේ අතර සැබවින්ම මිනිසුන් විදියට ජීවත්වෙන කිහිප දෙනෙකු වත් අපේ අවට ඉන්නවා. මනුෂ්‍ය ජීවිත පයට පෑගෙන සමාජයක සතා සිව්පාවෙකුගේ ජීවිතයකට අනෙක වටිනාකම දෙන්න උත්සාහ කරන හරි සුන්දර මනුස්සයෙක් අපට මුණගැහුණා. ප්‍රශ්න ඒ මනුස්සයා ගැන තමයි අපි අද කියන්න යන්නෙ.

පසුගිය දවසක FB එකේ උඩට පහලට යන වෙලාවක මම දැක්කා ගොඩක් දරුණු විදියට තුවාලවුණු සත්තු කිහිපදෙනෙකුට බෙහෙත් බඳින කෙනෙක්. මොනයම් හෝ දෙයක් වෙලා තුවාල වෙලා ශරීරයේ යම් යම් කොටස් පා අහිමි කරගෙන ඉන්න මේ සත්තුන්ට බෙහෙත් බැඳලා සාත්තු කරලා මේ තරුණයා ගැන පොඩ්ඩක් හොයන්න ඕන කියල මට බලකළේ මේ දැකපු රෑප රාමු ටික. මේ විදියට සතුන්ට බෙහෙත් කරපු හරි අපූරු මනුස්සයා තමයි දම්මික බණඩාර අරමසිංහ කියන්නෙ. මෙයා ඉන්නේ දෙහිඅත්තකන්ඩියේ. කොහොමින් කොහොම හරි අපට පුළුවන් වුණා දම්මිකත් එක්ක පොඩ්ඩක් කතා කරන්න. කතා කරල මේ විදියට බෙහෙත් කරන එකේ තේරුම හොයා ගන්න අපටත් ඕන වුණා.

ඇයි මේ විදිහට සත්තුන්ට බෙහෙත් කරන්න හිතුනේ. ඔයා ඒ සම්බන්ධව රාජකාරියක නියැලෙන කෙනෙක්ද කියලා තමයි මම මුලින්ම ඇහුවේ. ඒත් මං හිතුව දේවල්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් උත්තරයක් තමයි දම්මික මට දුන්නේ. තුවල වෙලා අසරණ වෙලා ඉන්න සතෙක් දැක්කම ගොඩක් අය බලන්නෙ නැහැ. එත් මම පුංචි කාලේ කැලේට කොලේට සතුන්ට සර්පයන්ට ආදරය කරන කෙනෙක්. ඒනිසා මට එහෙම සතෙක් දැක්ම අහක බලන්යන්න නැහැ. කවුරුත් ම මුකුත් කියන්නෙ නැති නිසා අපිවත් ඒක කරන්න ඕන කියල හිතුවා. එක අතකට ඒක අපේ යුතුකමක්. අනික් එක අපි අවබෝධ කර ගන්න ඕන පළවෙනි දේ තමයි හැම සතාම ජීවත් වෙන්න ඕන කියන දේ. මේ වගේ දෙයක් දම්මික කිව්වම මමත් කලපනා කළා ඇත්තටම අපි එහෙම සත්තු ගැන හිතවද කියලා.

දම්මික ඒ දීපු පිතුරු මං අහපු ප්‍රශ්නෙ උඩු යටකුරු කරලා දැම්ම වගේ මම දැනුණේ. මිනිසුන්ගේ හදවත එක රැකියාවකට සීමා නොකරන අයත් ඇත්තටම ජීවත් වෙනවා. මේ වගෙ පිළිතරෙන් අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ පරිසර වේදින්ගෙන්. එහි ඇත්ත කතාව අද කළේ ඒ වගේ තනතුරට රැකියාවේ නියුතු නිලධාරියෙකුගෙන්වත් අපට මේ වගේ පිළිතුරක් ලැබෙන එකක් නැහැ.

දන්වද දම්මික කියන්නෙ තමන්ගෙ ජිවිතේ ගැටගහන්න වඩුවැඩ කරන සාමාන්‍ය ගැමි තරුණයෙක්. මහා ලොකු මාසික පඩියක් ලැබෙන කෙනෙක් නෙමෙයි. දම්මික කියන්නෙ ඒත් ඒ ලැබෙන සුළු මුදලින් හතරෙන් එක් වියදම් කරන්නෙ මේ සත්තුගෙ ජීවිත බේරගන්නලු. දම්මික මුලින්ම බෙහෙත් කළේ සර්පයන්ට. තුවාල වෙලා ශරීරයෙන් වෙන් වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන සර්පයන්ට මුලින්ම බෙහෙත් කරල තියෙනවා. පස්සේ තමයි මිනිසුන් අතර මේ ආරංචිය ප්‍රසිද්ධ වෙනවත් එක්කම සතුන්ට බෙහෙත් කරන්න පටන් ගෙන තියෙන්නෙ. මොන විදියට තුවාලවෙලා හිටියත් දම්මික පුළුවන් උත්සාහයත් දාලා මේ සතුන්ට හොඳ කරන්න තමයි බලන්නෙ. මේ හැම සතෙක්ටම දම්මික බෙහෙත් කරන්නෙ තමන්ගෙම වියදමෙන්. ලොකු මන්දිරවල ඉන්න කෝටිපතියෝ තමන් හදපු අම්ම තාත්තාටවත් සලකන්න රුපියලක්වත් වියදම් නොකරන රටක දම්මිකලා තමන්ට ලැබෙන පුංචි පඩියෙන් විශාල කොටසක් වියදම් කරන්නේ වචනයක්වත් කාතාකරගන්න බැරි සත්තු වෙනුවෙන්.

මේ කතාවේ තියෙන විශේෂම කොටස තමයි දම්මික මෙහෙම බෙහෙත් කරන්නේ පාරම්පරික දැනුමකින්වත්. පොතපතකින් වත් ඉගෙන ගෙන නොවීම. මුලින් මුලින් පශු වෛද්‍යවරුන්ගෙන් අහගෙන තමයි බෙහෙත් කරල තියෙන්නෙ. සම්පූර්ණ වශයෙන් දැනුම නැති වුණත් තියෙන සුළු දැනුමෙන් දම්මික බෙහෙත් කරනවා. මම හිතන්නේ විද්‍යානුකූල පුළුල් දැනුමකට වඩා විශාල මනුෂ්‍ය දයාර්ද හදවතකට පුළුවන් සතුන් රෝග මේ තුවාල හොද කරන්න කියල. ඒක තමයි ලෝකෙ තියෙන බලගතුම බෙහෙත් කොයි තරම් අමාරු වුණත් ඒ සතාගේ ජීවිතේ අතරින්නේ නැතුව අන්තිම මොහොත වෙනකම් උත්සාහ කරනව කියලා තමයි දම්මික කියන්නේ.

හාවෙක්, ඇටිකුකුලෙක්, වඩු කුරුල්ලෝ අතරමං වුණ කලවැද්දෙක් මේ වෙනකොට දම්මික ළඟ ඉන්නවලු. රැලෙන් අතරමං වුන සතුන් තමන්ගෙ ගෙදර ඇති කරන්න පවා දම්මික පැකිලෙන්නේ නැහැ. විසිකුරු සර්පයන්ට බෙහෙත් කරන කොට බයක් දැනෙන්නේ නැද්ද කියල ඇහුවම දම්මික කිව්වේ සර්පයෝ මෙහෙය වන්න එයා ටිකක් ඉගෙන ගත්තා කියලා. ඒ නැතත් දම්මික කියනවා එයාට උපතින් ලැබුණද කියල දන්නෙ නැතත් ඒ හැකියාව එයාට තියනවා කියලා. ඒ වගේම මේ වෙනකොට එයට කරන්න බැරි දෙයක් නෑ කියල තමයි ඔහු අපිත් එක්ක කිව්වේ. මේ සතුන්ගෙ තුවාලවලට මැහුම් පවා දාන්නෙ දම්මිකම තමයි. මේක දැක්කට පස්සෙ ගොඩක් වෛද්‍යවරුන් පවා දම්මිකට මේ සඳහා අවශ්‍ය කරන උපකරණ ආදිය දෙන්න පවා කැමති වුණාලු. ඉංග්‍රිසි බෙහෙත්, වුණත් සිංහල බෙහෙත් වුණත් වියදම් කරල සතාගේ ජීවිතේ බේරගන්න දම්මික දෙපාරක් හිතන්නේ නැහැ කියලාතමයි අපිට තේරුණේ. මේ සත්තු කොහොම හරි හොඳ කරල කැලේට මුදා හරින එක තමයි දම්මිකගේ එකම පරමාර්ථය.

මේ වගෙ පුංචි මිනිසුන්ගෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා. කතා කරන්නවත් බැරි අහිංසක සත්තුන්ගෙ ජීවිත ගොඩදාන්න දම්මික ලොකු උත්සාහයක් දරන කෙනෙක්. මේ ලෝකේ මිහිපිට අතරින් පතර දෙවියොත් ඉන්නවා කියල අපිට මේ කතාව ඇහුවම හිතෙනවා. සල්ලිවලට ජීවිතේ කියල හිතාගෙන ඉන්න මිනිස්සු අතරේ ආත්මතෘප්තිය වෙනුවෙන් ජීවිත්වෙන මිනිස්සුත් නැතුවට නෙමෙයි. ධම්මිකලා කියන්නේ ඒ වගේ අය. ඇස් දෙකෙන් විතරක් ආදරේ ඉල්ලන වේදනාව කියන, මේ අහිංසක සත්තුන්ට මහ ගොඩක් ආදරේ දෙන්න දම්මිකලා වගේ වචනයේ පරිසමාර්ථයෙන්ම මිනිසුන් යැයි කිව හැකි මිනිසුන් තව තවත් අපි අතර බිහි වෙන්න කියල අපි ප්‍රාර්ථනා කරමු. එහෙනම් දම්මික මිනිසුන්ට ජීවිතේ ගැන පාඩමක් ඉගැන්නුවට ඔයාට පිං.

උපුලි පුන්සරා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: