සත් සාමාජික රග්බි ශුරතාවය දෙවන වරටත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට

July 3, 2017 | 10:05 am    0   198

සත් සාමාජික රග්බි ශුරතාවය දෙවන වරටත් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට

අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 19-14 ක් ලෙස කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් අඛණ්ඩව දෙවන වරටත් ශුරතාවය දිනාගැනීමට සමත්විය. තරගය ඊයේ (03) කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්විණි.

අවසන් පූර්ව තරගයේ දී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 21-14ක් පරාජයට පත්කරමින් තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේ දී කිංස්වුඩ් විද්‍යාලය ලකුණු 19-14ක් ලෙසත් පරාජයට පත්කරමිනි. පසුගිය වසරේදී ද මෙම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ මෙම කණ්ඩායම් දෙක වීම ද සුවිශේෂී සිදුවීමකි.

තරගයේ පළමු අර්ධය අවසනදී ගල්කිස්ස සාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14-07ක් වශයෙන් ඉදිරියෙන් සිටීමට සමත් වුයේ ලකුණු 07ක පරතරයක් සහිතවය . දෙවන අර්ධය ආරම්භ වනවිට පීඩනය ඉසිපතනය සතු විය. තරගය ජයගැනීමට නම් කෙටි කාලයක් තුල ඉක්මනින් ලකුණු රැස්කිරීමට ඔවුනට අවශ්‍ය විය. එනමුත් තෝමස් විද්‍යාලයෙන් එයට පහසුවෙන් අවස්ථාවක් හිමිවුයේ නැත.

තරගාවලියේ අවසානයට ලගාවන විට ඉසිපතනය හොඳ සටනක් දීමට සමත්විය. කෙසේ නමුත් ලකුණු 5ක පරතරයක් සහිතව තරගය ජයගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත්වූයේ පසුගිය වසරේ මෙන්ම මෙවර ද තමන්ට අභියෝග කිරීමට ඉසිපතනයට නොහැකි බව පසක් කරමිනි. තරගය අවසානයේ ලකුණු තත්වය සටහන් වුයේ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 19ක් හා ඉසිපතන විද්‍යාලය ලකුණු 14 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: