සනත් නිශාන්තට එරෙහි තීන්දුව අද

August 28, 2017 | 12:26 pm    0   800

සනත් නිශාන්තට එරෙහි තීන්දුව අද

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්තට එරෙහිව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සිදු කළ විනය පරීක්ෂණයේ තින්දුව අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මන්ත‍්‍රීවරයාට එරෙහිව මෙම විනය පරීක්ෂණය සිදු කරනු ලැබුවේ නීතිඥ චම්පානි පද්මසේකරගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසිනි.

පක්ෂ ක‍්‍රියාකාරකම් හා පක්ෂ නායකත්වය විවේචනයකිරීම සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාට එරෙහි ඇති චෝදනාවයි.  මෙම චෝදනාවෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මීට පෙර පියවර ගත්තා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කොටසක් ඒකාබද්ධ විපක්ෂයේ අසුන්ගැනීමත් සමඟින් ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැතු පළමු අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: