සන්නස්ගල වජිරට තර්ජනය කරලා

September 17, 2017 | 10:16 pm    0   435

සන්නස්ගල වජිරට තර්ජනය කරලා

ප්‍රවීන ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා ජාතික රුපවාහානියේ ප්‍රවීන නිවේදකයෙකු වන වජිර ජයවර්ධන මහතාට අසැබි වචන වලින් බැණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචිත “අම්මා” නවකතාව එළිදැක්වීමේ උළෙලට සහභාගී වී එහි නිවේදන කටයුතු වජිර ජයවර්ධන විසින් සිදුකරදී ඇත්තේද නොමිලේය.

මෙවර කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී වජිර මුණගැසුණු විට “ඔබ කවුදැයි?” සන්නස්ගල මහතා වජිර ජයවර්ධනගෙන් විමසා ඇත.

ඉන්පසු වජිර මහත් කම්පාවට පත්ව ඇත්තේ මේ මිනිසාට තම කවුදැයි මෙතරම් ඉක්මනට අමතක වුයේ කෙසේදැයි සිතමිනි.

ඉන් අනතුරුව මේ පිළිබඳව වජිර සිය මුහුනුපොතේ (facebook) හිදී සටහනක් යෙදීමෙන් පසු කුපිත වූ සන්නස්ගල මහතා වජිරට දුරකතනයෙන් අමතා අසැබි වදන් වලින් තර්ජනය කොට හෙට (18) දහවල් හමුවී දෙකක් කියන බව පවසා ඇත.

ඉන් අනතුරුව වජිර සිය මුහුනුපොතේ සටහනක් යොදමින් සඳහන් කර ඇත්තේ සන්නස්ගලට තම හඳුනාගැනීමට නොහැකිවුවද සන්නස්ගල කවුදැයි කියා තමා හදුනාගත් බවය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: