සනා තරංගගේ ගුණ වයයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරණ උපුල් තරංගට සිය ක්‍රිඩා දිවියේ වසර දෙකක පමණ කාලයක් අපතේ ගිය බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට තරංග හොඳින් ක්‍රීඩා කරන බවද කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග සහයෝගයෙන් කටයුතු කරන බවද ජයසූරිය එහි සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා මාධ්‍යවේදින් හා සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.

එසේම ඉදිරි කාලසීමාවේදී තරංගගෙන් තවත් දක්ෂතා දැකගත හැකි වනු ඇති බව සනත් පවසයි.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ආරම්භ පිතිකරණ යුගලයක් පවත්වා ඇති වැඩිම ලකුණු සබඳතාව පවත්වා ඇත්තේ සනත් හා තරංගයි.

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =