සනී ‘අයිටම්’ වලට විතරක් සීමා වෙයිද?

February 4, 2017 | 10:13 am    0   484

සනී ‘අයිටම්’ වලට විතරක් සීමා වෙයිද?

මේ දිනවල තිරගත වන ‘රායිස්’ චිත්‍රපටයේ ‘ලයිලා ඕ ලයිලා’ ගීතයට නර්තනයෙන් දායක වෙන සනී ලියොන් මේ වසරේදී තිරගත වන චිත්‍රපට කිහිපයක ‘අයිටම්’ ගීත සඳහා පෙනී සිටින බව බොලිවුඩ් පුරයෙන් වාර්තා වේ.

රෝනිත් රෝයි රඟන ‘දංගරි කා රාජා’ හා අජේ දේව්ගන් රඟන ‘බද්ෂාඕ’ චිත්‍රපටයේද සනී මෙසේ ‘අයිටම්’ ගීත සඳහා පෙනී සිටියි.

එමෙන්ම සුනිල් සුබ්‍රමනියම් අධ්‍යක්ෂණය කරන ‘පද්දු’ චිත්‍රපටයේද ඇය මෙසේ ‘අයිටම්’ ගීතයකින් පෙනී සිටින බව පැවසේ.

සොනක්ෂි රඟන ‘නූර්’ චිත්‍රපටයේ ඇය ආරාධිත රංගනය නිරත වන අතර, සල්මාන්ගේ වැඩිමහල් සොහොයුරු අර්බාස් ඛාන් සමගින් ඇය ‘තෙරා ඉන්තසාර්’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට ඇය රංගනයෙන් දායකවන බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: