සඳමත අවසන් වරට පා තැබූ මිනිසා සමුගනියි

සඳ මත පාතැබූ අවසන් මිනිසා ලෙස විරුධාවලියට පත් ජීන් සර්නන් අවුරුදු 82ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වී තිබේ.
ඇමෙරිකානු නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ විශ්‍රාමික ගගනගාමියාගේ සමුගැනීම ඇසීමෙන් තමන් දැඩි සංවේගයට පත්වූ බවයි.
කපිතාන් සර්නන් යනු සඳ මතට දෙවරක් පා තිබූ පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙකු වන අතර, කෙනෙකි. වර්ෂ 1972 දී සඳ මත සිය පා සටහන් තබමින් ඉන් නික්මුණු අවසන් මිනිසා ලෙස ඔහු ඉතිහාසයට එක්විය.
එවකට අපලෝ 17 මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ සර්නන් සඳ මත පා තැබීමට පෙර වර්ෂ 1966 දී සහ 1969 දී දෙවරක් අභ්‍යවකාශ තරණයන්ද සිදුකර තිබුණි.
What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 2 =