සභාපතිකම අත්හරින්නේ නෑ යැයි සනා කියයි

January 19, 2017 | 9:25 am    0   765

සභාපතිකම අත්හරින්නේ නෑ යැයි සනා කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් තවදුරටත් සේවය කරන බවද එම තනතුරෙන් ඉල්ලා අස්‌වීමේ කිසිදු අදහසක්‌ නොමැති බවද සනත් ජයසූරිය පවසයි.

“මම අයින් වෙනව කියල මාධ්‍යවල තියෙනව මමත් දැක්‌කා. නමුත් මගේ එහෙම අදහසක්‌ නැහැ. මම ක්‍රීඩා ඇමැතිවරයා සමග නම් කතා කළා.” යනුවෙන් ජයසූරිය මහතා පවසයි.

“දකුණු අප්‍රිකාවේදී අපි පැරදුනේ පිතිකරුවන් ලකුණු ගහපු නැති නිසා බව පැහැදිලිව පෙනෙනවා. ඉතිං පිතිකරුවෝ ලකුණු අතරට එන්නෙ නැතිව තරග දිනන්න බැහැ.” යනුවෙන් දකුණු අප්‍රිකාවේ ටෙස්‌ට්‌ තරග පරාජය පිළිබඳව ජයසූරිය මහතා පැවසීය.

කෙසේ වෙතත් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩා විලාශයට කවුරු හෝ නිදහසට කරුණු කීවද ඒවා ඵලක්‌ නැති බවත් දැන් අවශ්‍ය වන්නේ එක්‌දින තරගාවලියට හොඳින් ක්‍රීඩා කිරීම බවත් ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියි.

“අපි දකුණු අප්‍රිකාවට යනකොට දැනගෙන තමයි ගියේ එහේ තත්ත්වය පිළිබඳව. ඒ හින්ද දැන් පැරදුණාට පස්‌සෙ තණතීරු වේගවත් සහ නිදහසට කාරණා අවශ්‍ය නැහැ. දැන් තියෙන්නෙ එක්‌දින තරගාවලියට අවධානය යොමු කිරීමයි. මම විශ්වාස කරනවා එක්‌දින තරගාවලියේදී කණ්‌ඩායම හොඳින් ක්‍රීඩා කරාවි කියලා.”

ශ්‍රී ලංකාවට ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස වෙනම සංචිත හැදීමේ අදහස්‌ නැති බවත් දැන් සිටම ඉලක්‌කය යොමු කරන්නේ 2019 ලෝක කුසලාන සඳහා බවත් පැවසු ජයසුරිය සියලුම දක්‍ෂ ක්‍රීඩකයන්ට අවස්‌ථාව දීමට තමා කැපවී සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: