‘සමයං’ ඝාතන වාර්තාව හෙට බන්ධනාගාර ඇමති අතට

May 3, 2017 | 5:30 pm    0   195

‘සමයං’ ඝාතන වාර්තාව හෙට බන්ධනාගාර ඇමති අතට

‘පාතාල කල්ලි නායකයෙකු බව කියන ‘සමයං’ ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට ලක් කරමින් කළුතර ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව සිය වාර්තාව හෙට (04) දිනයේ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා වෙත භාර දීමට නියමිත ය.

පසුගිය පෙබරවාරි මස 27 වන දින පෙරවරුවේ බන්ධනාගාර බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් අරුණ කුමාර හෙවත් ‘සමයං’ යන පාතාල නායකයා ඇතුළු පුද්ගලයන් 07 දෙනෙකු ඝාතනයට ලක් විය.

අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින් රූමි මර්ෂුක් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරනු ලැබීය. එම කමිටුව විසින් සිදු කරනු ලැබූ විමර්ශනවලින් අනතුරුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් සකස් කර තිබේ. වෙඩි තැබීම වළක්වාගැනීමට නොහැකි වීමට හේතුව මෙන්ම එවන් සිදුවීමක් යළි ඇති නොවීම සඳහා අනුගමනය කළ යුතු නිර්දේශද එම වාර්තාවට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: