“සමලිංගිකත්වය නීතිගතකරනවට මම කැමතියි” – ඉරාජ් වීරරත්න

July 18, 2017 | 10:30 am    0   481

“සමලිංගිකත්වය නීතිගතකරනවට මම කැමතියි” – ඉරාජ් වීරරත්න

ශ්‍රී ලංකාවේ Music Video කලාව උඩු යටිකුරු කරපු ඉරාජ් වීරරත්න එක්ක ඉරිදා ඇපල් සිදු කරපු කතාබහේ දෙවැනි කොටස මෙසේ අද ඔබ වෙත ගෙන එනවා. 

මෙහි පළමුවැනි කොටස මිට පෙර අප ඔබ වෙත ඉදිරිපත් කළා. ඒ Chat With Iraj (Part 1) වශයෙන් 

ඉරාජ් සාස්තර ඇහුවේ ඒවා විශ්වාස කරන නිසාද? නැත්නම් ඒවා බොරු කියල පෙන්වන්නද?

නැහැ එහෙම නැහැ. අපේ ලංකාවේ මිනිස්සු හරියට බොරු දේවල් පස්සේ යන්නේ.

ඔය look එක maintain කරන්න මාසෙකට කියක් විතර වැය වෙනවද?

එහෙම විශේෂත්වයක් නැහැ. මේ look එක maintain කරන්න මම මොකුත් කරන්නේ නැහැ.

එහෙනම් කොහොමද 36ක් වෙලත් තවම මෙහෙම ඉන්නේ?

ඒ මම gym යන නිසා වෙන්නැති.

ඉරාජ්ට ඕනි ලංකාවේ සංස්කෘතික රාමුව බිඳින්නද?

එහෙම නැහැ. එත් සමහර කලාකරුවෝ කතාකරන්න අකමැති දේවල් මම කෙලින් කතා කරන්න කැමතියි සමාජය ඉස්සරහා.

සමලිංගික අය වෙනුවෙන් ප්‍රසිද්ධියේ කතා කරන්නේ විශේෂ හේතුවක් නිසාද?

නැහැ එහෙම විශේෂ හේතුවක් නැහැ.

සමලිංගිකත්වය නීතිගත කරනවට කැමතියිද?

ඔව් මම කැමතියි නීතිගත කරනවා නම්.

සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ එක්ක මේ තරම් ලගින් තියන ඇසුර මොකක්ද?

මං කොහොමත් බුදු දහමට ලැදි කෙනෙක්. මස් මළුවත් නොකන බෞද්ධයෙක් විදියට හොඳට බණ කියන හාමුදුරු කෙනෙක්ගෙන් බණ අහන්න කැමතියි මම. සමාජයෙන් කොන් කරපු තරුණයන් පන්සල් වලින් එලවනකොට සමන්ත්‍රභද්‍ර හාමුදුරුවෝ ඔවුන්ට බණ කියල ධර්මයට යොමු කරවනවා.

Social Media කියන්නේ ඉරාජ් පිනුම් ගහන තැනක් නේද?

Media මට ලොකු seen දාපු කලේ ඒවාට මම දීපු උත්තරය තමයි Social Media කියන්නේ.

මේ වගේ ඔබ ආදරය කරන තරු ගැන නවතම තොරතුරු දැනගන්න එකතු වන්න sundayapple.lk සමඟ

නිර්මාණි බණ්ඩාරනායක 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: