සම සෞඛ්‍ය උපාධිධාරින්ට සායනික පුහුණුව දෙනවාට GMOA විරුද්ධ නෑ

May 10, 2017 | 9:00 am    0   161

සම සෞඛ්‍ය උපාධිධාරින්ට සායනික පුහුණුව දෙනවාට GMOA විරුද්ධ නෑ

සම සෞඛ්‍ය උපාධිධාරින්ට අදාළ සායනික පුහුණුව මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල්වල ලබානොදිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කිසිදු විටෙක බාධාවක් කර නොමැති බව සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.
මේ සිසුන්ගේ සායනික පුහුණුවට තම සංගමය බාධා කරනවා යැයි පරණ සිදුවීමක් දැන් ඇඳලා ගෙන තිබෙන්නේ සෞඛ්‍ය වෘත්තිකයන් තම සංගමයට දක්වන පක්ෂපාතීකම බිඳ දැමීමට යැයි ද ඒ මහතා පැවැසුවේය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ(09) ප්‍රකාශ කළේය.
අදාළ යටිතල පහසුකම් සකස් නොකර මීට වසර දහයකට පමණ පෙර සම සෞඛ්‍ය උපාධි පාඨමාලාව ආරම්භ කළ බවත් එහිදී පේරාදෙණිය සිසුන් එරෙහි වුණා යටිතල පහසුකම් සකස් කිරීමෙන් පසුව මේ පාඨමාලාව ආරම්භ කරන ලෙසට බවත් ඒ මහතා මතක් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව මහනුවර හා පේරාදෙණිය රෝහල් වෛද්‍ය සිසුන්ටත්, ගම්පොළ, කෑගල්ල, කුරුණෑගල රෝහල් සම සෞඛ්‍ය උපාධි සිසුන්ටත් ලබාදීමට පියවර ගෙන ගැටලුව විසඳා ඇති බවත් පරණ කතාවක් ඇඳගෙන සමන් රත්නප්‍රිය මහතා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කීර්ති නාමයට හානි කිරීමට උත්සාහ කරන බවත් ඔහු කීය.
මේ වේලාව හොඳයි ඔහුට මෙවැනි කතාවන් කියා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අපහසුතාවට පත්කිරීමට යැයි ද ඔහු පැවැසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: