සයිටම් නඩුවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ වෙන්නේ නෑලු

July 4, 2017 | 5:54 pm    0   185

සයිටම් නඩුවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධ වෙන්නේ නෑලු

මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩුවට මැදිහත් වීමට අවශ්‍ය නොවන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) රාත්‍රියේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ ඇත.

එම රැස්වීම අතරතුර මීට අදාළව පවතින නීති තත්වය පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නැයි ජනාධිපතිවරයා පළමුවෙන් ඇමති තිලක් මාරපන මහතාට යෝජනා කර තිබේ.

එයට පිළිතුරු වශයෙන් ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙම නඩුවට රජය මැදිහත් වීම අනවශ්‍ය බව හා එහි කටයුතු කරගෙන යාමට නීතිපතිවරයාටම ඉඩ ලබාදිය යුතු බවයි.

ඇමති චම්පික රණවක මහතා මේ පිළිබඳව ඉදිරිපත් කර ඇත්තේ වෙනස් මතයකි. ආණ්ඩුවට අගතියක් නොවන පරිදි ගැටළුව විසඳා ගත යුතු බවද ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කළ යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති අතර, එහිදී රාජිත සේනාරත්න ඇමතිවරයා පවසා ඇත්තේ සයිටම් ආයතන ආරම්භ කර මේ වනවිට වසර පහකටත් වඩා වැඩි බවත්, එසේ තිබිය දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් මෙතරම් විරෝධයක් පල කිරීම පුදුම සහගත බවය.

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජය මීට පෙර ප්‍රකාශ කළ ස්ථාවරය ඉදිරියේ දී තවදුරටත් විධිමත් කිරීමට ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් එම රැස්වීමේ දී තීරණය කර ඇති බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: