සයිටම් විරෝධය පුපුරා යයි- අද ගිනි ගත් රැයක්

August 30, 2017 | 12:53 pm    0   315

සයිටම් විරෝධය පුපුරා යයි- අද ගිනි ගත් රැයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප‍්‍රමුඛ සයිටම් විරෝධී සංවිධාන විසින් අද (30) රාත්‍රියේ වෙනස්ම ආකාරයක විරෝධතාවයක නිරතවීමට සුදනම් වන බව වාර්තාවේ. 

මෙම විරෝධතාව නම් කර ඇත්තේ ‘‘ගිනි ගත් රැයක්’’ යනුවෙනුයි. අද රාත‍්‍රීයේ පන්දම් රැගෙන දිවයිනේ නගර රැසකදී මෙම විරෝධතාව පැවැත්වීමටයි කටයුතු යොදා ඇත.

මීට සමගාමීව ඇතැම් නගරවල බලි තොවිල් සහ යාග ද පවත්වන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ යාපනය සහ කිළිනොච්චිය ඇතුළු නගර 50කදී මෙම ‘‘ගිනි ගත් රැයක්’’ විරෝධතාව ක්‍රියාත්මක බවයි. සයිටම් ගැටලුව සඳහා සර්ව සාධාරණ විසඳුමක් නොලැබෙන්නේ නම් කණගාටුවෙන් වුවද දැනට තීරණය කර ඇති ඉදිරි පියවරවලට යෑමට සිදුවෙන බවයි.

සයිටම් ගැටළුවට ආණ්ඩුව ස්ථීර විසදුමක් ලබා නොදෙන්නේ නම් සිය ක‍්‍රියාමාර්ග ඉදිරියේ දී අනිවාර්යයෙන්ම දැඩි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: