සයිටම් විරෝධී වැඩවර්ජනය හා රථ පෙළපාලිය අදින් ඇරඹේ..

September 12, 2017 | 12:38 pm    0   493

සයිටම් විරෝධී වැඩවර්ජනය හා රථ පෙළපාලිය අදින් ඇරඹේ..

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දිස්ත්‍රික්තක 09ක වැඩවර්ජනයක් ආරම්භ කර ඇති අතර මෙම වර්ජනය නිසාවෙන් යාපනය, කිළිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ජනතාව අපහසුත්වයට පත්වී ඇත.

මෙම වැඩවර්ජනයට සමගාමීව අද (12) සිට ලබන 15දා දක්වා සයිටම් විරෝධී රථ පෙලපාලියක් ද යාපනයේ සිට කොළඹ දක්වා ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කර ඇත.

අද (12) යාපනයෙන් ආරම්භ වන රථ පෙළපාලිය හෙට (13) වව්නියාවෙන් ආරම්භ වීමට නියමිත අතර එය 15දා කොළඹදී අවසන් වේ. වැඩවර්ජනයද එදිනම අවසන් වන අතර මේ පිලිබඳ සම්මන්ත්‍රණ 16 වන දින බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: