සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යනුකූලයි – අභියාචනාධිකරණය

January 31, 2017 | 11:17 am    0   912

සයිටම් වෛද්‍ය උපාධිය නීත්‍යනුකූලයි – අභියාචනාධිකරණය

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ලියාපදිංචි වෙන වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ යුතු බව අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන් දෙදෙනෙකු ගොනු කළ රීට් පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව අද (31) දා ලබාදුන්නේය.

සයිටම් ආයතනයෙන් උපාධියක් ලබාගත් තමන් වෛද්‍ය වෘත්තිකයෙකු වශයෙන් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ප්‍රතික්ෂේප කරන බවට චෝදනා කරමින් එම ආයතනයේ සිසුවියක විසින් ගොනුකරනු ලැබූ පෙත්සමකට අදාළව අභියාචනාධිකරණය විසින් මෙම තීන්දුව ලබාදී ඇත.

තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා කියා සිටියේ සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය නීතියට පටහැණි බවට වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් විරෝධතා කිහිපයක් ගොනු කර තිුබණු බවයි.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන ඇමති හා උසස් අධ්‍යාපන ලේකම් යන පුද්ගලයින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණි.

සබැදි පුවත්

සයිටම් හදන්න මහින්දගෙන් මිලියන 600ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: