සරාගී මලීෂා ප්‍රශාන්ත සමග ආධාර එකතු කරමින් සමාජ සේවයේ..

May 31, 2017 | 7:33 pm    0   1453

සරාගී මලීෂා ප්‍රශාන්ත සමග ආධාර  එකතු කරමින් සමාජ සේවයේ..

සමාජ ජාල වෙබ් අඩවි මගින් පසුගිය දිනවල ඉමහත් ප්‍රසිද්ධියට පත් තරුණ නීතීඥවරියක් වන Meliza Leitch මෙවර අපිට මුණ ගැසුනේ වෙනස්ම ආකාරයකට.

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණික තත්වයෙන් විපතට පත් අපේම ජනතාව වෙනුවෙන් මෙවර ඇය පාරට බැස තිබෙනවා. හැබැයි ඒ තනිවම නම් නොවෙයි. සමාජ ක්‍රියාකාරිකයෙකු වන ප්‍රශාන්ත් බණ්ඩාර සමගිනුයි ඇය අපිට මුණ ගැසුනේ. ප්‍රශාන්ත බණ්ඩාර කියන්නේ නිතරම සමාජ සේවා කටයුතු වල නියැලෙන සමාජ ක්‍රියාකාරිකයෙකි.

මේ පිළිබඳව විමසීමේදී මලීෂා පැවසුවේ ඇයට ගොඩක් කාලෙක සිටම සමාජ සේවා කටයුතු වල නියැලීමේ ආශාව තිබු බවත්, අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු නිසා ඒ සඳහා කාලයක් නොලැබුණු බවත්ය. නමුත් මේ දිනවල ඒ සඳහා ඇයට අවස්ථාව හිමිවී ඇති බවත් ඇය පැවසුවාය.

ප්‍රශාන්ත බණ්ඩාර සඳහන් කලේ ඔහු විසින් සිදුකරන නොමිලේ ඇස් කන්නාඩි ලබාදීමේ වැඩසටහන් සමගින් සම්බන්ද වීම සඳහා මලීෂ බොහෝ කලක සිට උත්සහ කල බවත් මෙවර ඒ සඳහා ඇයට අවස්තාව හිමිවූ බවත්ය.

මෙවන් දේවල් සිදුකිරීම තුලින් මලීෂා අනාගතයේ බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඇසු විට සඳහන් කලේ විශේෂයෙන් මොනවත් බලාපොරොත්තු නොවන බවත් සමාජ සේවා කටයුතු වල නියැලීම බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: