සාර්ථක ආරම්භයකින් සහ දියාරු අවසානයකින් ශ්‍රී ලංකා ඉනිම අවසන්
August 20, 2017 | 6:34 pm 0 396

ඉන්දියානු කණ්ඩායම සමඟින් පැවැත්වෙන පළමු එක්දින තරගයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු ලබාගත හැකි වුයේ ලකුණු 216ක් පමණි.
කාසියේ වාසිය ලබාගෙන ඉන්දියානු නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනය කළේය. පිතිකරුවන්ට යෝග්‍ය දඹුල්ල තණතීරුවෙදී ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක සම්බන්දතාවයක් ගොඩනැගිය. ඉන් අනතුරුව පිටියට එක්වූ කුසල් මෙන්ඩිස් පන්දුවට පහරදීමේ වේගය ඉතා හොදින් රඳවාගනිමින් දික්වැල්ලට අනගි සහයක් දැක්වීය.
දික්වැල්ල, ධනුෂ්ක, මෙන්ඩිස් සහ ඇන්ජලෝ හැරෙන්නට සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථකවීමට අවස්තාවක් ඉන්දියානුවන් ලබාදුන්නේ නැත.
මැදපෙළ පිතිකරුවන් කිසිදු වගකීමකින් තොරව පන්දුවට පහරදීම නිසා ලකුණු 300 කට වැඩි ලකුණු ගණනක් ලබාගැනීමට තිබු අවස්ථාව මගහැරී ගියේය. වැඩිම ලකුණුලාභියා වුයේ ලකුණු 64ක් ලබාගත් නිරෝෂන් දික්වැල්ලය.
අවසන් කඩුලු 9 දැවීගියේ ලකුණු 77 කට වීම ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකි.
ප්‍රභල ඉන්දියානුවන් මෙල්ල කිරීමට නම් පන්දු යවන්නන්ට සහ පන්දුරකින්න්නන්ට වැඩි වගකීමක් මෙනිසාම හිමිවනු ඇත.