සිකුරුලියා තමයි මට වාසනාව ගෙනාවේ – දුවීන් කුලරත්න

July 24, 2017 | 3:31 pm    0   112

සිකුරුලියා තමයි මට වාසනාව ගෙනාවේ – දුවීන් කුලරත්න

දුවීන් කියන්නේ ලංකාවට වඩා විදේශයන්ගේ රසිකයන් විශාල ප්‍රමාණයක් ගොඩනගා ගත්ත ගායකයෙක්. විදේශ රසිකයන් පිරිසක් නිර්මාණය කරගන්නව කියන එක ගායකයෙකුට ලේසි පහසුවෙන් කරන්න බැරි දෙයක් වෙන්නෙ ඔවුන්ගේ රසඥතාවය වෙනස් වෙනස් මට්ටම්වල තියෙන නිසයි. විශේෂ කටයුත්තක් සම්බන්ධයෙන් ලංකාවට ඇවිල්ලා ඉන්න දුවීන් එක්ක අපි පොඩ්ඩක් කතා කරන්න හිතුවා.

කාලෙකින් දුවීන් ලංකාවට ඇවිත්?
ඔව් ටික දවසකට කලින් ආවේ. විශේෂ කටයුත්තක් නිසා තමයි මෙහෙම ආවේ.

මොකක්ද ඒ විශේෂ කටයුත්ත. පෞද්ගලික කාරණාවක්ද?
පෞද්ගලික කාරණත් තියෙනවා. ඊට අමතරව විශේෂ හේතුවන් තියෙනවා. අපි event එකක් plan කරනවා. සැප්තැම්බර් මාසේ මීගමුවෙන් තමයි අපි පටන් ගන්නේ. gogo entertainment වලින් කරන්නෙ. රොක්, රෙගේ, classical කියන concept වලින් තමයි මේක වෙන්නෙ. මේකේ විශේෂත්වය තමයි මේ concept වල ජනප්‍රියම චරිත වන චිත්‍රාල් සෝමපාල සහ ජය ශ්‍රී සංගීත කණ්ඩායම මා එක්ක සම්බන්ධ වෙනවා.

අතීතයට ගියොත් දුවීන්ට සංගීතය මුණ ගැහෙන්නෙ කොතැනදී ද?
එහෙම විශේෂයෙන් මම සංගීතය ඉගෙන ගන්නෙ නැහැ. රිදම් එක ඇඟේ තිබුණා. HSBC එකෙන් තමයි මම එළියට එන්න පටන් ගන්නේ. ඒකෙන් ඉන්දියා කොන්සට් එකකට ගියා. ඊට පස්සෙ වෘත්තීය විදිහට මේ සංගීත කටයුතුවලට එන්න ආසාවක් ඇති වුණා.

පුංචි කාලේ මවපු හීනයක් නෙමෙයි නේද මේ?
එහෙම ලොකුවට සංගීතයට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණෙ නැහැ. මේක අහම්බෙන් අවබෝධයෙන් ආපු ගමනක්.

සංගීතය තුළ දී ඔබ අනුගමනය කරන විශේෂ ශෛලියක් තියෙනවද?
ඔව්. කසුන් කල්හාර සහ ඉන්ද්‍රචාප කියන්නෙ මගේ ජීවිතයේ හීරෝස්ලා. එයාලගෙ සංගීත ශෛලිය වගේම බටහිර, රෙගේ මේ හැමදේම අනුගමනය කරනවා. මගේ කලර්ඩ් තියෙන්නේ classical පැත්තට. ඒ නිසා මම ඒ පැත්තට බරයි.

ලංකාවට වඩා දුවීන්ව දන්නෙ විදේශ රසිකයන් නේද?
ඔව් මම ගොඩක් වාසනාවන්තයි ඒ අතින්. මට පුදුමාකාර ආදරයක් විශේෂයෙන්ම ඩුබායිවල ඉන්න අපේ අයගෙන් ලැබුණා. බෑන්ඩ් එකක් පවා අපි කරනවා. ඒ වගේම ගොඩක් රටවල අපේ අයගෙන් මට හොඳ ප්‍රතිචාර තියෙනවා. ඒ හැමෝටම හදවතින්ම ස්තුතියි.

විදේශගත වෙලා හිඳීම ඔබට ආදරේ කරන රසිකයන්ට කරන අසාධාරණයක් නේද?
නිතරම යන එන නිසා එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ. එක වගේ ඒ හැමෝගෙම ආදරය මට ලැබෙනවා. හොඳ ප්‍රසංග කීපයක්ම එතෙර මෙතෙර කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.

ලංකාවේ රසිකයන්ට වඩා විදේශ රසිකයන්ගේ රසඥතාවය වෙනස් වෙන්නෙ කොහොමද?
ඩුබායි රටේ ගොඩක් වේග රිද්මයට නැඹුරුයි, classical කලාව එහෙ ටිකක් අඩුයි සහ ඒක දෙන්න අය අඩුයි. එතැනදි ඒ රහ දෙන්න මම උපරිම උත්සාහයක් කළා සහ එය සාර්ථක වුණා කියලා මම හිතනවා.

ගීත කීයක් කරල තියෙනවද?
දෙකක් කළා. එළියට දැම්මේ සිකුරුලියා විතරයි. ඊට අමතරව තව ගීත දෙකක් එන්න තියෙනවා.

දුවීන්ට වාසනාව ගෙනාවේ සිකුරුලියා කිව්වොත්?
ඔව් ඒක ඇත්ත. මම හිතුවෙ සිකුරුලියා නම චමත්කාට යයි කියලා. ඒත් ඒක ලැබුණ මට.

රටවල් 2ක සංගීත සංස්කෘතිය හඳුනන දුවීන්ට, ජනප්‍රිය වෙන්න සංගීත විඩීයෝවලට ලිංගිකත්වය වැඩියෙන් එකතු කිරීම ගැන මොකද හිතෙන්නෙ?
රටේ සංස්කෘතියට ගැළපෙන්නත් ඕනෙ තමයි. ඒත් නිර්මාණාත්මක concepts, ගුණාත්මක බව එක්ක කලාත්මක ඇහැකින් දකින්න පුළුවන් නිර්මාණ, ඔය සියලුම කාරණා එක්ක මම රහට විඳිනවා.

යුග ගීයකට ලංකාවේ එකතු කරගන්න කැමතිfemail voice එක කාගෙද?
මගේ rthythm එකට ගැළපෙන, මගේ style එකට ගැළපෙන හඬකට අවස්ථාව තියෙනවා.

කලාකරුවන්ට fashion අත්‍යවශ්‍ය දෙයක්ද?
ඔව් අත්‍යවශ්‍ය දෙයක්. ඒක හැම පුද්ගලයෙකුටමත් ඕන දෙයක්. මම fashion කරන්නෙ මගෙ සංගීතය ජනප්‍රිය කරන්න නෙමෙයි, මේ මම අඳින පලඳින විදිහ.

ඔය විදිහට fashion කරන්න මාසෙකට කීයක් විතර වියදම් කරනවද?
එහෙම ලොකු වියදමක් නෑ. අත් පලඳිනා එහෙම කවුරුහරි මගෙන් අරන් තව කෙනෙක් මට දෙන තෑගි. රැවුල නම් ටිකක් ආදරෙන් බලාගන්නවා.

ලංකාවේ රසිකයන්ට අලුතින් මොනවද කියන්න තියෙන්නෙ?
මට ලංකාවේ යම් පිරිසක් ඉන්නවා. ලොකු youth එකක් ඉන්නවා. ඒ හැමෝටම ස්තූති කරනවා මාව දිරිමත් කරනවට.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: